The sciencetific study of Psychology
මනෝවිද්‍යාවේ
විද්‍යාත්මක බව
මනෝවිද්‍යාව හා විද්‍යාත්මක දර්ශනය අතර පුළුල් සම්බන්ධයක් පවතී. ඇතැම්
නිර්වචනයන්හි the scientific study of science of behavior ලෙස මනෝවිද්‍යාව
දක්වා ඇත. අද මනෝවිද්‍යාව විද්‍යාවක්ය යන මතය පිළිගත්තකි. විද්‍යා වර්ගීකරණයක්
සැපයු ඇතැම් උගතුන්ගේ මතය අනුව විද්‍යාව
i.
ප්‍රතිජානනාත්ම විද්‍යා
(Positive
Sciences)
ii.
ප්‍රාමාණික විද්‍යා (Normative
Sciences) යන දෙකොටසට වර්ග කළ හැකිය.
භෞතික විද්‍යා සහ ජීව විද්‍යා ප්‍රතිජානනාත්මක විද්‍යා ලෙස වර්ග කළ හැකිය.
මනෝවිද්‍යාව ද මෙම ඝනයට ඇතුලත් වන බව මොවුන්ගේ මතයයි. එහෙත් මෙම මතයට ඇතැම් උගතුන්
විරුද්ධ වේ. මනෝවිද්‍යාව නියම ආකාරයෙන් රසායන විද්‍යාව, සත්ව විද්‍යාව වැනි විද්‍යා
ගණයට ඇතුලත් කල නොහැකි බවත් එය අයත් වන්නේ සුවිශේෂී වු "චර්යා විද්‍යා” ගණයට
බවත්ය. නියම විද්‍යාවන්වල ස්වරූපයට චර්යා විද්‍යාවන් අධ්‍යයනය කල නොහැකි බවත් එහි
ස්වරූපය සම්පුර්ණයෙන්ම වෙනස් බවත් විවේචකයන් පෙන්වාදී තිබේ. මේ නිසා මනෝවිද්‍යාව
චර්යා විද්‍යාවක් බවත් එය සමාජීය විද්‍යා හා ස්වභාවික විද්‍යා අතර පවත්නා විද්‍යාවක්
බවත් පැහැදිලි කර ඇත.
මනෝවිද්‍යාව
අයත්වන් චර්යා විද්‍යා ගණයට ස්වභාවික විද්‍යා හා සමාජීය විද්‍යා යන විද්‍යා වර්ග
දෙකටම සම්බන්ධ වු සුවිශේෂී වු විද්‍යා විශේෂයකි.
මනෝවිද්‍යාව පිළිබද ඉතා මෑතදී මෙවැනි නිර්වචනයක් ඉදිරිපත් විය. “Psychology
can be defined as the scientific study of behavior and mentle process” මෙම මත ඉදිරිපත්කරනු
ලැබුවේ ක්‍රයිඩර් (Crider) සහ ගොතයිස් (Goethais) නමැති ලේඛකයන් විසිනි.
මෙහිදී ඉතා වැදගත් වචන තුනක් භාවිතා විය. එනම් විද්‍යාත්මක, චර්යාව හා මානසික
ක්‍රියාවලිය යන්නයි. මෙහි විද්‍යාත්මක යනු විද්‍යාත්මක ලෙස භාවිතා කරනු ලබන විද්‍යාත්මක
ක්‍රම අදහස් කරනු ලැබූ අතර දත්ත ලබා ගැනීමට අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රියාවලියද
සැලකිල්ලට භාජනය විය. විද්‍යාත්මක ක්‍රමයේ ක්‍රමානුකුල බව අද මනෝවිද්‍යාවට ප්‍රවේශ
වී තිබේ. විශේෂයෙන්ම ආනුභවික පරිසරය මෙහිදී වැදගත්ය.
චර්යාව යනු නිර්ණය කල හැකි, වාර්තා
කල හැකි, මිණිය හැකි චර්යාවයි. මිනිසා සහ ජීවින් මේ සදහා භාජනය කල හැකිය. මානසික
ක්‍රියාවලිය නම් සිතුවිලි, ස්මෘතින්, මනෝභාව, චේතනාවලීන්, සිහින, ප්‍රත්‍යක්ෂ හා
විශ්වාසයි. මෙම සියුම් ක්‍රියාවලින් අධ්‍යනය කිරීම සදහා මනෝවිද්‍යාඥයින් සුවිශේෂී
විද්‍යාත්මක ගවේෂණ ක්‍රම භාවිතයට ගනු ලැබේ.
![]() |
|||
Comments
Post a Comment