Perception
සංජානනය
සංජානනය
යනු ජීවියා විසින් භෞතික ලෝකය සංවේදනය කිරීමයි. අප බාහිර ලෝකය සංවේදනය කිරීම
නොයෙන් ආකාරයෙන් කරමු. දැකීම, ඇසීම, ආඝ්‍රහණය ආදී වශයෙනි. මෙහිදී මනෝවිද්‍යාවේ
අරමුණ වන්නේ බාහිර ලෝකය සංජානනය කරන ආකාරය පිලිබදව සලකා බැලීමයි. චර්යවදින්ගේ
නිර්වචනය් අනුව සංජානනය යනු උත්තෙජකයන් අතර පවතින වෙනස හදුනා ගැනීමයි. ඒ අනුව එක
එක උත්තෙජකයන් හමුවේ ජීවියා එක එක ප්‍රතිකාර දක්වයි. මෙකී ප්‍රතිකාරවල වෙනස්කම
අනුව උත්තේජකයන්ගේ වෙනස හදුනා ගනියි. සංජානනය
පිලිබදව අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවට ඇති ප්‍රතිඵලය කුමක්ද යනුවෙන් ඇසිය හැකිය.
සංජානනය අපගේ චර්යාව කෙරෙහි මූලික වශයෙන් බලපාන සාධකයකි. ජීවියා හැසිරෙන්නේ බාහිර
ලෝකයෙන් සංවේදනය වන උත්තේජකයන්ට අනුවයි. එම නිසා සංජානනය හැදෑරීම වැදගත් වේ.
සංජානනයේදී
අපි විසින් සැලකිල්ලට ගත යුතු එක් වැදගත් සාධකයක් නම් අවධානයයි. උත්තේජකයන්ගේ වෙනස
හදුනා ගැනීමේදී ජීවියාගේ අවධානය බලපායි. යම් උත්තේජනයක් අවධානයෙන් තොරව පවතී නම්
එය සංජානනය වන්නේ නැත. සංජානනය යනු උත්තේජනයක් අවධානයට ලක්වීමය. මෙම අවධානය ගතික
ස්‌වභාවයෙන් යුක්තය. අවධානයෙන් එක්තරා මාධ්‍ය ලක්ෂයක් පවතියි. මෙය නාභිය යනුවෙන්
හදුන්වයි. පරිසරය තුල පවතින උත්තේජක අතර අවධානයට පාත්‍ර වී පවතින සුවිශේෂී උත්තේජක
අතර අවධානයට පාත්‍ර වී පවතින සුවිශේෂ උත්තේජකය නාභිය වෙයි. නිදසුනක් වශයෙන් රගර්
ක්‍රීඩාවේදී අවධානය වන නාභිය වන්නේ බෝලයයි. අවධානය හා සම්බන්ධ ඊලග කොටස නම් උපාන්තයයි.
උපාන්තය යනු උත්තේජකය විචලනය වන්නාවූ සීමාවයි. මෙම නාභිය හා උපාන්තය අතර විවිධ
අවස්ථාවන් අපි සංජානනය කරමු. සමහර අවස්ථාවලදී අවධානයෙහි නාභිය වෙනස් වෙයි.
නිදසුනක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී වරෙක ක්‍රීඩකයා වෙත අවධානය රදාපවතින අතර
තවත් වරෙක පන්දුව කෙරෙහි අවධානය පවතියි. මෙසේ අවධානයෙහි නාභිය වෙනස් වීම මුලධර්ම
රාශියක් මත සිදුවේ. මෙකී මුලධර්මයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
1.
බාහිර සාධක
2.
අභ්‍යන්තර සාධක
බාහිර සාධක පිලිබදව
සලකා බැලීමේදී මෙහි එක් වැදගත් සාධකයක් වන්නේ තිව්රතාවයි. ශබ්දයෙහි හෝ ආලෝකයෙහි
තිව්රතාවය අනුව සංජානනය ගොඩනැගේ. උදාහරණයක් වශයෙන් අහසෙහි තරු අතර කැපී පෙනෙන්නේ
තියුණු ආලෝකයෙන් යුක්ත තරුවයි. එම නිසා තිව්රතාවය අවධානය කෙරෙහි බලපාන එක් බාහිර
සාධකයකි. තවත් සාධකයක් නම් විශාලත්වයයි. පුවත්පතක කුඩා අකුරින් මුද්‍රිත ප්‍රවෘත්තියකට
වඩා විශාල අකුරින් මුද්‍රිත ප්‍රවෘත්තියක් එකවර අවධානයට ලක්වේ. විශාලත්වය හැරුණු
විට ප්‍රභේදනයද බාහිර සාධකයක් වෙයි.
ප්‍රභේදනය
යනු සුපුරුදු උත්තේජන අතරට අලුත් උත්තේජනයක් පැමිණීමයි. උදාහරණයක් වශයෙන් සුදු
ඇදුම් ඇදගත් පිරිසක් අතරට රතු ඇදුමින් සැරසුණු පුද්ගලයෙකු පැමිණියහොත් ඒකි
පුද්ගලයා ප්‍රභේදනය වී ඇති බැවින් වැඩියෙන් අවධානයට හසුවේ.
තවත්
බාහිර සාධකයක් නම් පුනරවර්තනයයි. පුනරාවර්තනය කිසියම් උත්තේජනයක් නැවත නැවත දක්නට
ලැබේ නම් ඒකි උත්තේජනය කෙරෙහි වැඩියෙන් අවධානය යොමු වෙයි. උදාහරණයක් වශයෙන්
කිසියම් පරිච්චේදයක එකම වචනය නැවත නැවත පුනරාවර්තනය වන විට එය අපගේ අවධානයට
හසුවෙයි. මෙය හැරුණු විට චලනයද බාහිර සාධකයකි. නිශ්චල උත්තේජන අතර චලනය වන
උත්තේජකය පහසුවෙන් අවධානය ගනියි. තරු තර චලනය වන්නාවූ තාරකාවන් පහසුවෙන් සංජානනය
කරනු ලැබේ. මේවා පුද්ගලයාගෙන් බාහිරව පවතින සාධක බැවින් බාහිර සාධක වශයෙන්
හදුන්වයි. අනෙක් සාධක වර්ගය නම් අභ්‍යන්තර සාධකයයි. අභ්‍යන්තර සාධක අතර ප්‍රබල
සාධකය නම් ප්‍රේරණයයි. අපගේ මූලික ප්‍රේරණයන් හා සම්බන්ධ උත්තේජක පහසුවෙන් අවධානයට
හසුවේ. උදාහරණක් වශයෙන් ලිංගික ප්‍රේරණය ගත හැක. මෝගන් සහ කින් යන මනෝවිද්‍යාඥයින්
දෙදෙනා පවසන ආකාරයට පාසල් ළමයි ලිංගික කරුණු පිළිබද කතා කරන විට ඕනෑම වෙලාවක අවධානයෙන්
යුතුවිය හැකිය.
කුස පිරුණු පුද්ගලයෙකුට වඩා බඩගින්නෙන් පෙළුණු
පුද්ගලයෙකුට පහසුවෙන් ආහාර අවධානය විය හැක. මෙහිදී බලපා ඇත්තේ ප්‍රේරණයයි. එසේ බලන
විට අවධානය කෙරෙහි අපගේ කැමැත්ත අකමැත්ත බලපායි. තවත් අභ්‍යන්තර සාධකයක් නම්
අපේක්ෂාවයි. අප වැඩියෙන් අපේක්ෂා කරන දෙය පහසුවෙන් අවධානයට හසුවේ. උදාහරණයක්
වශයෙන් වෛද්‍යවරයෙකුට රෑ නින්දේදී ටෙලිෆෝනයෙහි හඬ පහසුවෙන් ඇසෙන්නට පිළිවන. ඔහුගේ
බිරිදට එය නොඇසුනත් දරුවා හඬන ශබ්දයට ඇය ඇහැරෙන්නට විය. දෙදෙනාගේ අපේක්ෂාවන්ගේ
වෙනස එයට හේතුවයි. සන්ජනනයේදී මූලික වශයෙන් වැදගත් වන මෙම අවධානය එක්තරා අන්දමක
දේහ විද්‍යාත්මක පදනමකින් යුක්ත වෙයි. අපගේ මාධ්‍ය ස්නායු පද්ධතිය සහ මොලය
විශේෂයෙන් නියුක්ත වී ඇති උත්තේජකය පහසුවෙන් අවධානයට හසුවේ. මාධ්‍ය ස්නායු පද්ධතිය
එක් උත්තේජකයක් කෙරෙහි නියුක්ත වු විට අනෙකුත් උත්තේජක පිළිබදව මොලය කරා පණිවුඩ
ගෙනයාම ඇනහිටී. සතුන්ගේ කනෙහි රේවට න්‍යෂ්ටිය නම් කොටසක් ඇත. අවධානයේදී මෙම කොටස
ක්‍රියාත්මක වේ. 1956දි හේරන්ඩේ නමැති විද්‍යාඥයා මේ සම්බන්ධව පරීක්ෂණයක්
පැවැත්විය. බල්ලෙකු ගෙන ඌට ශබ්දයක් ඇසෙන්නට සැලැස්විය. ඒ සමගම කනේ රේවට න්‍යෂ්ටිය
ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් ක්‍රියාකාරිත්වය මැන්නේය. එම ශබ්දය දිගටම ඇසෙන්නට
සලස්වමින් බෝතලයක දැමූ මියෙකු පෙනෙන්නට සැලැස්වීය. ඒ සමගම රේවට න්‍යෂ්ටිය ආශ්‍රිතව
ඇතිවන විද්‍යුත් ක්‍රියාකාරිත්වය මැන්නේය. එයින් අදහස් වන්නේ කන සහ නියුක්තව පැවති
මාධ්‍ය ස්නායු පද්ධතිය ඇස සමග නියුක්ත වීමයි. මෙසේ බලන විට අවධානය කෙරෙහි ශාරීරික
හේතුන් බලපාන බව පෙනේ.
Comments
Post a Comment