මනෝවිද්‍යාවේ ඇති ප්‍රයෝජන
වත්මන්
මනෝවිද්‍යාව අතිශයින්ම සමාජීය ඵලදායි ක්‍රියාවලියක් ඉදිරිපත් කරනු ලබයි. විවිධ ක්ෂේත්‍ර
සදහා මනෝවිද්‍යාව භාවිතා කල හැකිය.
i.
අධ්‍යාපන ක්ෂේත්රය
මනෝවිද්‍යාවෙන් අතිශයින්ම පෝෂණය වු විෂය ක්ෂේත්රයකි. විවිධ ඉගෙනුම් න්‍යායන්, චේතනාවලින්
හා පෞරුෂත්ව මිනුම් අද අධ්‍යාපනයෙහි ඇගයුම් කිරීමට හා සංවර්ධනය කර ගැනීමට භාවිතා
කරනු ලැබේ. එමගින් ඉගෙන ගන්නා අයට ඉගෙනීමටත්, උගන්වන්නන්ට, පරිපාලකයන්ට පරිපාලනය
කිරීමටත්, ක්රමසම්පාදකයන්ට ක්‍රම සම්පාදනයටත් මහගු මග පෙන්වීමක් සපයා ඇත.
ii.
ව්‍යාපාරික හා
කර්මාන්ත ක්ෂේත්රයන්හි මනෝවිද්‍යාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන බව
නොරහසකි. භාණ්ඩ නිපදවීම, ප්‍රචාරණය, භාණ්ඩ අලෙවිය වැනි ක්ෂේත්රයන්හි මනෝවිද්‍යාව
ඉතා ඵලදායි ලෙස යොදා ගනු ලැබේ. සේවක ඵලදායිතාව හා එය වර්ධනය කර ගැනීම, සේවක ස්වාමී
සම්බන්ධතාවය යන්ත්‍ර හා මිනිසා අතර සම්බන්ධතා හා කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීම යනාදී
ගැටළු නිරාකරණය කර ගැනීම මනෝවිද්‍යාව ඵලදායි ලෙස යොදා ගැනීමට දැන් අවස්ථා සැලසී
තිබේ.
iii.
වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයෙහි
මනෝවිද්‍යාව ප්‍රතිකාර සදහා සහ ගැටළු අවබෝධ කර ගැනීමට යොදා ගනු ලැබේ. වෛද්‍යවරු, සාත්තු
සේවිකාවන් සහ අවශේෂ වෛද්‍ය කාර්යමණ්ඩල චර්යා විද්‍යාත්මක දැනීමක් ඇති නම් තම කාර්ය
වඩා සාර්ථකව කිරීමට එය ආධාර වේ. රෝගී තත්වයට පත්වීමට කායික මෙන්ම මානසිකව හේතු
බලපායි. එම නිසා නවීන වෛද්‍ය විද්‍යාවට මනෝවිද්‍යාවට ඉමහත් බලපෑමක් සිදු වී ඇත.
iv.
උපදේශන කාර්යන්හි
මනෝවිද්‍යාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පෞද්ගලික ජීවිතයේදී ද, අධ්‍යාපනික
ක්‍රියාවලියේදී ද, වෘත්තීය ගැටළුවලදී ද, උපදේශනය ඉතා වැදගත් වී ඇත. විවිධ පෞද්ගලික
ගැටළු නිරාකරණයට අද උපදේශනය සහය වන අතර ඒ සදහා අවශ්‍ය වන විශ්වාස හා ධෛර්ය මනෝවිද්‍යාවේ
ආධාරයෙන් වර්ධනය කරගනු ලැබේ.
v.
පෞද්ගලිකව ගොඩනගාගත
හැකි ස්වයං වර්ධනයක් ඇතිකරගත හැකි වන්නේ මනෝවිද්‍යාව ආධාර කොටගෙනය. බොහෝවිට
පුද්ගලයන්ට තම හැකියාවන් සහ ඌනතාවයන්ද කුසලතාවයේ අඩුපාඩු ද තම පුරුදු හා නොරුස්සනා
ගති ද අවබෝධ කරගෙන චරිත හැඩගසා ගැනීම සදහා මනෝවිද්‍යාව සහය කරගත හැකිය.
vi.
හමුදා ක්ෂේත්රයන්හි
අද මනෝවිද්‍යාව පුළුල් ලෙස භාවිතා කෙරේ. හමුදා නිලධාරීන් බදවා ගැනීම, පුහුණු
කිරීම, උසස් වීම් ප්‍රධානය, නිලධාරීන් වර්ග කිරීම යනාදී කටයුතු සදහා මනෝවිද්‍යාවේ
සහාය ලබා ගනියි. උපකරණ හා හමුදා බලය පමණක් නොව මනෝවිද්‍යාව යුද ක්රියාවලියද අද
වැදගත්ය. යුද මානසිකත්වය හා ජයග්‍රාහී මානසිකත්වය මෙන්ම ඔවුන්ගේ මානසික ස්ථාවරත්වය
අදාල වන විවිධ ක්‍රියා වර්ග මනෝවිද්‍යාව සහය කොට මෙහෙය වනු ලැබේ.
vii.
අපරාධ පරීක්ෂණ විද්‍යාවන්හි
මෙන්ම අපරාධ මර්ධන ක්රියාවලියෙහි මනෝවිද්‍යාව ප්‍රබල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
අපරාධ කරුවන්ගේ තොරතුරු ලබාගැනීම පමණක් නොව ඔවුන් පුනරුත්ථාපනය කිරීම හා යහ මගට
මෙහෙය වීම සදහා මනෝවිද්‍යාවේ විවිධ පියවර යෝජනා කර ඇත. අපරාධ කරුවන්ගේ මානසික
තත්වය සැකසීමට අනුගමනය කරන විවිධ ක්‍රම ඒ ඇසුරින් ම ගොඩනැගී ඇත.
මනෝවිද්‍යාව මගින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද ??
ReplyDelete