History of Psychology
මනෝවිද්‍යාවේ
ආරම්භය
මනෝවිද්‍යාව තවමත් ලාබාල විද්‍යාවක් වුවත් අතීතයේ සිටම මනෝවිද්‍යාත්මක
ගැටළු පිලිබදව මිනිසුන් උනන්දුව දක්වා ඇත. වාර්තාගත ඉතිහාසය අනුව බලන විට මනෝවිද්‍යාත්මක
සංසිද්ධි පිළිබද පළමුවෙන්ම උනන්දු වුවෝ දාර්ශනිකයෝ ය.
අනෙකුත් බොහෝ විද්‍යාවන් මෙන් ම මනෝවිද්‍යාව ද දර්ශන විෂය තුලින් ගොඩනැංවූන
විද්‍යාවකි. අතීතයේ සිටි දාර්ශනිකයින් තම අවධානය යොමුකළ ප්‍රධාන සංසිද්ධි දෙකක්
විය. ඒ මිනිසා පිලිබදව හා ලෝකය පිලිබදවයි. සෑම දාර්ශනිකයෙකු ම මිනිසා යනු කවරෙක්ද?
ඔහුගේ හැකියා හා නොහැකියා කවරේද? ඔහු සිතනුයේ තීරණ ගනුයේ ක්‍රියාත්මක වනුයේ කෙසේද?
ආශාවන් බලාපොරොත්තු හා ඔහු ඉදිරියට මෙහෙයවන පෙළඹවීම් බලවේග කවරේද? බුද්ධියේ ස්මරණය
කෙබදුද? බුද්ධිය උපරිම වශයෙන් දියුණු කරගත හැක්කේ කෙසේද? සිත යනු කුමක්ද? එය
දියුණු කල හැක්කේ කෙසේද? ආදී වශයෙන් විවිධ වු දෘෂ්ටිකෝණවලින් විවිධ අයුරින් ඔවුහු
මත ඉදිරිපත් කළහ.
මිනිස්
සිතේ ක්‍රියාකාරිත්වය හා එය හසුරුවා ගත හැකි ආකාරය පිලිබදව ඉතා ගැඹුරු , එසේම
සියුම් වු විග්‍රහයක් ඉදිරිපත් කල ප්‍රමුඛ දාර්ශනිකයා වුයේ ගෞතම බුදුරජාණන්
වහන්සේය. එතුමා විසින් පිරිසිඳ දත් ඥානය මගින් මිනිස් සිතිවිලි ක්‍රියාත්මක වන
ආකාරය පිලිබදව පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ක්ෂණයක් පාසා සිතුවිලි වෙනස්වන
අන්දමත් එක සිතුවිල්ලකට පසු තවත් සිතුවිල්ලක් දාමයක පුරුකක් මෙන් සම්බන්ධ වී ඇති
ආකාරයත් ඒ ඒ සිතිවිලි සම්බන්ධව චිත්ත පරම්පරා ගොඩනැගෙන ආකාරයත් ආදී ලෙස නවතම
සුක්ෂම උපකරණයකට හෝ පැහැදිලිව හසුකරගත නොහැකි සියුම් චිත්ත ක්‍රියාවලි පවා එතුමා
පැහැදිලි කර ඇත. බෞද්ධ මනෝවිද්‍යාව මිනිසා පාදක කරගෙන මිනිසා මුල් කරගෙන කළ අරිය
පර්යේෂණයක් විය.
නුතන විද්‍යාත්මක විධික්‍රම භාවිත කරමින් විද්‍යාවක්
ලෙස මනෝවිද්‍යාව දියුණුවීම ඇරඹී තවමත් ශත
වර්ෂයකට වැඩි නොවේ. මෙම ශත වර්ෂය තුළ දියුණු කරගෙන ඇති පර්යේෂණ ක්‍රම විද්‍යාව, බෞද්ධ
මනෝවිද්‍යාත්මක ඉගැන්වීම්වල එන සියුම් විශ්ලේෂණයන් හසුකර ගැනීමට තරම් තවමත් සමත්
නැත. සිග්මන්ඩ් ප්‍රොයිඩ් ඉදිරිපත් කල මනෝ විශ්ලේෂණවාදී විධික්‍රම මගින් කිසියම්
දුරකට යාමට සමත් වු අතර, එමගින් බෞද්ධ ඉගැන්වීම්වල නිවැරදිතාව කිසියම් ප්‍රමාණයකට
ලොවට දැනගත හැකි විය. නුතන මනෝවිද්‍යාවේ විෂය පරාසය ජීවියකු මෙලොවට පිළිසිඳ ගත්
අවස්ථාවේ සිට එම ජීවියාගේ මරණය දක්වා පමණක් දිවෙන්නකි. එහෙත් බෞද්ධ මනෝවිද්‍යාව
ජීවියා පිළිසිඳ ගැනීමට පෙර ඔහු ගතකල ජීවිතය හා මරණින් මතු ගතකරන ජීවිතය ද ඇතුලත්
වන සේ පුළුල් පරාසයක් දක්වා දිවෙයි. මෙම උපතින් පෙර හා මරණින් මතු ජීවිතය ගැන
කරුණු සෙවීමට තරම් තවමත් නුතන විද්‍යාව හෝ මනෝවිද්‍යාව දියුණු වී නැත. මේ නිසාම
බෞද්ධ මනෝවිද්‍යාවේ සදහන් ගැඹුරු සංකල්ප සාකච්චා කිරීමට තරම් තවමත් මනෝවිද්‍යාව ප්‍රබල
නැත. විෂය ක්ෂේත්‍රය එතරම් පුළුල්ව නැත. එහෙත් දැනට දශක දෙකක පමණ සිට අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂය,
දිබ්බ චක්ඛු (දිවැස්), පරසිත් දැනගැනීමේ නුවණ, මනෝගතිය පිලිබදව මෙන්ම භවාංග සිත හා
සංසාරික අත්දැකීම් පිළබදව, ඥානය හා පුනරුත්පත්තිය පිලිබදව ද කරුණු සෙවීමට,
පර්යේෂණයෙහි යෙදීමට මනෝවිද්‍යාඥයෝ උත්සහ දරති. අපර මනෝවිද්‍යාව (Para
psychology) යනුවෙන් මෑතකදී දියුණු වෙමින් පවතින මනෝවිද්‍යා ක්ෂේත්‍රය
මගින් නවීන විද්‍යාත්මක විධික්‍රම භාවිතා කරමින් එම ගැඹුරු ක්ෂේත්‍රය සදහා පර්යේෂණ
මෙහෙයවීමට උත්සහ දරනු ලැබේ.
බටහිර දර්ශන
ඉතිහාසය ක්‍රි.පූ. 5 වන ශතවර්ෂය තරම් ඈතට දිව යයි. ග්‍රීක දර්ශනයිකයින්ගේ දාර්ශනික
විමර්ශන මගින් ද මිනිසා පිලිබදව මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය පිලිබදව දාර්ශනික මත
ඉදිරිපත් විය. විශේෂයෙන්ම සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ආදීහු එහි කැපී පෙනෙන්නෝ
වෙති. ඇරිස්ටෝටල් සිය De Anima නම් කෘතියෙහි
මනස පිලිබදව විශේෂ සාකච්චාවක් කර ඇත.
ග්‍රීකවරුනට
පසුව නුතන මනෝවිද්‍යාව පුරෝගාමිකයෙකු ලෙසට හැදින්විය හැක්කේ ශාන්ත ඔගස්ටින් (Saint
Ausgustin ක්‍රි.ව. 354 – 430) ය. අන්තරාවලෝකනය පිළිබදව ඔහු දැක්වූ
උනන්දුවත් ළදරු හා ළමා වයසේ වුවන්ගේ චර්යා රටාවන් ඇතුළු මනෝවිද්‍යාත්මක සංසිද්ධීන්
පිලිබදව ඔහු දැක්වූ අවධානයත් කැපී පෙනේ.
බටහිර
දර්ශන ඉතිහාසයේ පියා ලෙස හැදින්වෙන රේනේ ඩේකාට්ස් (Rene Descartes ක්‍රි.ව.
1586 -1650) අනිකුත් යන්ත්‍ර සේම සතුන් ද අධ්‍යනය කල හැකි යන්ත්‍ර ලෙස හදුන්වන
ලදි. එසේම මනෝවිද්‍යාවේ වැදගත් අදහසක් වන ප්‍රතීක ක්‍රියා පිළිබද සංකල්පයද ඔහු
හදුන්වා දුනි. එසේම 18 වන හා 19 වන ශතවර්ෂවල විසු ලයිබ්නීස්, හොබ්ස්, ලොක්, කාන්ට්
සහ හියුම් ආදී දාර්ශනිකයන්ද මනෝවිද්‍යාත්මක සංකල්ප පිලිබදව උනන්දුවක් දක්වන ලදි.
සමකාලීන මනෝවිද්‍යාවේ ආරම්භය
මනෝවිද්‍යාව පිළිගන්නා
වර්තමාන නිර්වචනය දක්වා ක්‍රමිකව විකාශනය වී ඇත. මනෝවිද්‍යාවේ ඉතිහාසයත්, නිර්වචන්යත්,
විෂය ක්ෂේත්‍රයත් එකිනෙකට සම්බන්ධ වෙමින් දියුණු වී ඇත. නුතන මනෝවිද්‍යාවේ ආරම්භය
භෞතික විද්‍යාවට සම්බන්ධතාවක් ඇත. භෞතික පරිසරය නිසා ඇතිවන සංවේදන හා ප්‍රතිචාර
පිලිබදව මුල් අවධියේ සොයා බලන ලදි.
බාහිර ලොව උත්තේජනයන් (ප්‍රබෝදකයන්) දැනෙන්නේ
කෙසේද? සංවේදනය කරනුයේ කෙසේද? යන්න මුල් අවධියේ සොයාබලන ලදි. මෙසේ භෞතික විද්‍යාවට
සම්බන්ධ සංසිද්ධීන් මිනිසාට සම්බන්ධ වන ආකාරය පිලිබදව කරන ලද අධ්‍යනයන් මගින්
මනෝවිද්‍යාවේ වර්තමාන දියුණුවට අඩිතාලම දමන ලදි.
සංවේදනය ගුණාත්මකව
මනින්නට උත්සහගත් පුද්ගලයා වේබර් (Weber E.H. 1795 – 1878) ය. අනුමත වෛද්‍ය විෂමතාව හෙවත් Just
Noticeable Difference (J.N.D.) අපට දැනෙන
විධියේ වෙනසක් වීමට බාහිර ප්‍රබෝධකවල කෙතරම් වෙනසක් සිදුවිය යුතුදැයි ඔහු මැන
බැලිය. මෙම පරීක්ෂණ පෙච්නර් (Fechner G.) විසින් ඉදිරියට ගෙනයන
ලදි. මොහු බාහිර ලොව සංවේදන පිළිබද කරන ලද අධ්‍යනය මනෝ භෞතික විද්‍යාව (Psycho –
Physics) ලෙස නම් කරන ලදි. “මනෝ භෞතික
විද්‍යාවේ මුලධර්ම” නමින් ඔහු ඉදිරිපත් කල ග්‍රන්ථයෙන් භෞතික විද්‍යාවට සම්බන්ධව
මනෝවිද්‍යාවේ ආරම්භය සිදුවුයේ ඉන් පසුවය.
19
වන ශත වර්ෂයේදී මනස පිලිබදව ප්‍රධාන මත දෙකක් ඉදිරිපත්ව තිබුණි. මණ්ඩල මනෝවිද්‍යාව
(Faculty
Psychology) යන්න ඉන් එකකි. මෙම න්‍යායට අනුව මනසෙහි සිතීමට, හැගීමට,
ඉච්ඡාවට ආදී ක්‍රියාවන් සදහා වෙන වෙනම ක්‍රියාත්මක වන විශේෂිත වු ස්වාධීන වු මණ්ඩල
කිහිපයක් වේ. මෙම මණ්ඩල නැවත අනුමණ්ඩල කීපයකට බෙදී තිබේයැයි ප්‍රකාශ විය. ඒ අනුව
අප යමක් සිහිපත් කරනුයේ ස්මරණය නමැති අනුමණ්ඩලයෙනි. පරිකල්පනය කරනුයේ පරිකල්පනය
නමැති අනුමණ්ඩලයෙනි. මොලයේද මීට සමාන අනුමණ්ඩල වේය යන අදහස ගැන සෙවීමටද මේ මගින්
උනන්දුවක් ඇතිවිය.
සංයෝජනය (ආශ්‍රය) මනෝවිද්‍යාඥයින් (Association
Psychologist) දෙවන මතය ඉදිරිපත් කරන ලදි. මනසේ සහජයෙන් මණ්ඩල ඇතිය යන
අදහස ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පැවසුයේ ඉන්ද්‍රියයන් මගින් සංවේදන ක්‍රියාවලිය
තුලින් මනසට ඇති වන උපස්ථිති, සමානතාව, විරුද්ධතාව හා අසන්නතාව යන මුලධර්මයන් අනුව
මනසේ අදහස් ලෙස ගොඩනැංවෙන බවයි. සියලු මානසික ක්‍රියා අදහස්වල සංයෝජනය නිසා
සිදුවන්නක් යන අදහස ඔවුහු ඉදිරිපත් කළහ.
මණ්ඩල මතවාදීන් චර්යාවේ සහජ, ආරමය ලක්ෂන පිලිබදව වැඩි අවධානයක් යොමු කළ
අතර, චර්යාවන් හැඩගැසීමේදී නිශ්චිත වීමේ දී පරිසරයෙහි ඇති බලපෑම ඉස්මතු කරන ලදි.
මෙම ආරය හා පරිසරය පිළිබද තර්කය විද්‍යාවේ ඉතිහාසය පුරාම විවාදයට ලක් වේ. මේ
අන්දමට මණ්ඩල මතය හා ආශ්‍රය (සංයෝජන) මතය නුතන මනෝවිද්‍යාවට මූලික ගැටළු
පෙන්වාදීමට, යැ යුතු මග පෙන්වා දීමට කිසියම් යොමු කිරීමක් කර ඇත.
මනෝවිද්‍යාව විද්‍යාත්මක විෂයක් ලෙස ආරම්භ කිරීමේ ගෞරවය ජර්මනියේ ලිප්සිග්
සරසවියේදී 1879 දී ලෝකයේ පළමුවන මනෝවිද්‍යා පර්යේෂණාගාරය ආරම්භ කර පර්යේෂණ පැවැත්වූ
ජර්මන් ජාතික විල්හෙල්ම් වුන්ඩ්ට්ට (Wilhelm Wundt 1852 – 1920) හිමිවේ.
මොහුගේ පර්යේෂණ විශේෂයෙන් යොමු වුයේ සංවේදනය කෙරෙහි ය. දෘෂ්ටිය පිලිබදව ඔහු විශේෂ
අවධානයක් කල අතර ඔහුගේ සහායකයෝ අවධානය, චිත්තවේග හා මනසේ ආශ්‍රය (සංයෝජන) ක්‍රියාවලිය
පිලිබදව විද්‍යාත්මක පර්යේෂණ කළහ.
මානසික ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේ විධි ක්‍රමය ලෙස ඔහු අන්තරාවලෝකන ක්‍රමය
භාවිත කළේය. දාර්ශනිකයන්ගෙන් උරුම වු මෙම අන්තරාවලෝකන ශිල්ප ක්‍රමය වැඩි දියුණු කල
වුන්ඩ් හුදෙක් ස්වයං නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී ඇත.
මෙසේ මනෝවිද්‍යාව දර්ශනයෙන් වෙන් කර එය වාස්තවික විද්‍යාවක් බවට පත්කළ වුන්ඩ්
මනෝවිද්‍යාව විඥානමය අනුභූතිය පිළිබද විද්‍යාවක් ලෙස නිර්වචනය කළේය. 1920 දී ඔහුගේ
අභාවය සිදුවන තෙක්ම මනෝවිද්‍යා ක්ෂේත්‍රයට ඔහුගෙන් මහත් සේවයක් ඉටු විය.
වුන්ඩ් ගේ පර්යේෂණාගාරයෙහි පුහුණුව ලත් සහායකයන් කීපදෙනෙක් ඇමරිකාවට
මනෝවිද්‍යාව හදුන්වා දීමට පුරෝගාමී වුහ. විලියම් ජේම්ස් 1875 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ
කුඩා මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් ඇරඹීය. එහෙත් ඇමරිකාවේ ආරම්භ කළ පුරෝගාමී විධිමත්
මනෝවිද්‍යා පර්යේෂණාගාරය ලෙස හදුන්වනුයේ ජෝන් - හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 1883
දී ස්ටැන්ලි හොප් ආරම්භ කල පර්යේෂණාගාරයයි. ඇමරිකාවේ පළමු වන මනෝවිද්‍යා
මහාචාර්යවරයා ලෙස හදුන්වන්නේ 1888 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා
මහාචාර්ය ධුරයට පත් මැකීන් කැටල් (Mckeen Cateel J.W.)
ය. ඔහුද වුන්ඩ් ගේ ගෝලයෙකි. මෙසේ වුන්ඩ් ගේ ආරම්භකත්වයෙන්
විද්‍යාත්මක මගකට යොමු වු මනෝවිද්‍යාව ඔහුගේ සහායකයන් හා ගෝලයන් විසින් වඩාත්
පුළුල් කරන ලදී.
අනෙකුත් මුලාරම්භයන්
මෙසේ
ජර්මනියෙන් ආරම්භ වුවද සමකාලීනව එංගලන්තයේද මනෝවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ පිබිදීමක්
දක්නට ලැබේ. පුද්ගල විෂමතාවන් පිලිබදව අධ්‍යනයෙහි පුරෝගාමිකයෙකු වු සර් ප්‍රැන්සිස්
ගෝල්ටන් බුද්ධි පරීක්ෂණ සකස් කිරීම පිලිබදව වැදගත් මෙහෙයක් ඉටු කළේය. පසු කාලීනව
සහසම්බන්ධ සංගුනිකය ලෙස හදුන්වන ලද සංගුනිකය හා එහි දර්ශකයන් ඇතුලත් සංඛ්‍යා විද්‍යාත්මක
ක්‍රමය සොයාගනු ලැබුවේ ඔහුය.
චාල්ස් ඩාවින් ඉදිරිපත් කල පරිණාමවාදී න්‍යාය ද මනෝවිද්‍යාවේ උන්නතියට ප්‍රබල
රුකුලක් විය. සතුන් සහ මිනිසුන් අතර ඇති සබදතාව පිලිබදව ඩාවින් ඉදිරිපත් කල මතය නිසා
තුලනාත්මක මනෝවිද්‍යාව අධ්‍යනයට ඉන් මග පෑදිණි. මනුෂ්‍ය චර්යා පිළිබද පරීක්ෂණවලට
සතුන් යොදා ගැනීම සිදු වුයේ මෙම මතයෙන් පසුවය.
මනෝවිද්‍යාවේ විකාශනයට වෛද්‍ය ක්ෂේත්‍රන්ද මග පෙන්වීමක් ලැබුණි. විශේෂයෙන්ම
මෙම ක්ෂේත්‍රය පුළුල් වුයේ මානසික රෝගීන් පිලිබදව කල අධ්‍යනයන්ගෙනි. 18 වන ශතවර්ෂයේ
සිට ම ඇන්ටන් මෙස්මර් දියුණු කල මෝහන නිද්‍රාව ඊට මහත් සේ උපකාරී වු අතර
මනොවිශ්ලේෂණ වාදයේ ආරම්භකයා වු සිග්මන් ප්‍රොයිඩ් විසින් එහි ඉදිරි පියවර තබන ලදි.
‘මනෝවිද්‍යාව
යනු චර්යාව හා මානසික ක්‍රියාකාරිත්වය පිළිබද විද්‍යාත්මක අධ්‍යනයක් වේ' යන්න අප
පිළිගත් නිර්වචනය වේ. සියලුම මනෝවිද්‍යාඥයින් මනෝවිද්‍යාව විද්‍යාවක් ය යන මතය සමග
එකග වන බව ඔවුන් ඉදිරිපත් කල නිර්වචනවලින් පැහැදිලි වේ.
මනෝවිද්‍යාව, ජීව, සමාජ විද්‍යාවක් බව හදුන්වන මන් (Munn) පැහැදිලිව ප්‍රකාශ
කර ඇත්තේ මනෝවිද්‍යාව විද්‍යාවක් බවත්, මනා පුහුණුවක් ඇති මනෝවිද්‍යාඥයා විද්‍යාඥයෙකු
බවත්ය.
මනෝවිද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව
යන විද්‍යාවන් සමග මෙන් ම දර්ශනය, සාහිත්‍ය වැනි කලා විෂයන් සමග ද සම්බන්ධය. මනුෂ්‍ය
ජීවිතය, මානව කටයුතු හා මානව චර්යා හා
සම්බන්ධ වන සෑම විෂය ක්ෂේත්‍රයක්ම මනෝවිද්‍යාව හා සම්බන්ධ වේ. මේ අනුව පැහැදිලි
වනුයේ මනෝවිද්‍යාව විද්‍යා ක්ෂේත්‍ර රාශියක් සමග සම්බන්ධ පුළුල් විද්‍යාවක් බවයි.
මනෝවිද්‍යාව අද විෂයාන්තර අධ්‍යනයක් වී ඇත. මනෝවිද්‍යාවෙන් තොරව දර්ශනය,
සමාජ විද්‍යාව, අධ්‍යාපනය කළමනාකරණය, උපදේශනය, මානව සම්පත් පුහුණුව හා ගැටුම්
නිරාකරණය සිදු කිරිමට නොහැකි තරම්ය. ඉහත කි විෂයන් සම්ප්‍රදායිකව අධ්‍යනය කරන විට
මනෝවිද්‍යාව නොවැදගත් වුවද චර්යා විද්‍යාවක් ලෙස දැන් එය ඉතා වැදගත් බව උගතුන්ගේ
පිළිගැනීමයි.
මනෝවිද්‍යාවට
සංඛ්‍යාන විද්‍යාව ඉතා වැදගත් වී ඇත. යම් යම් පර්යේෂණ මගින් හෙළිදරවු කරන කරුණු ප්‍රමාණාත්මක
ලෙස විස්තර කල යුතුව ඇත. එවිට මනෝවිද්‍යාත්මක නිගමන වඩාත් වාස්තවිකය. එබැවින්
නිගමන පිළිගැනීමට පාත්‍ර වේ.
Thank u so much for this explain. ❤️❤️❤️❤️❤️❤️
ReplyDelete