මනෝවිද්‍යාවේ
විෂය ක්ෂේත්‍රය
මනෝවිද්‍යා
ක්ෂේත්‍රයෙහි නව ප්‍රබෝධයක් ඇති වුයේ 1950 දශකයේ සිටය. වැඩි වැඩියෙන් පර්යේෂණ
කිරීමත්, විෂය ක්ෂේත්‍රය පුළුල් වීමත් නිසා මනෝවිද්‍යා විෂය විවිධ අංශ යටතේ, නව ප්‍රභේද
ඔස්සේ දියුණු වෙමින්, විශේෂ විද්‍යා ක්ෂේත්‍ර ලෙස වර්ධනය වෙමින් පවතියි. වර්තමානයේ
මනෝ විද්‍යාඥයින් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර හා එහි විවිධ ප්‍රභේද
පිලිබදව සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් ක්ෂේත්‍රය වටහා ගත හැකිය. මේ සෑම
මනෝවිද්‍යා ක්ෂේත්‍රයකටම පොදු මුලධර්ම හා විෂය කොටස් අන්තර්ගත වන අතර, ඒ ඒ විෂය
ක්ෂේත්‍ර වඩ වඩා දියුණු කර ඇත. ඒ නිසා අධ්‍යාපන මනෝවිද්‍යාව පිලිබදව හදාරන ශිෂ්‍යයින්
ද මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අනෙකුත් අංශවල දියුණුව පිලිබදව දළ වැටහීමක් හෝ ලබා තිබීම
අවශ්‍යය.
දැනට මනෝවිද්‍යාඥයින් සේවය කරන විවිධ වු වෘත්තීය ක්ෂේත්‍ර හා ඔවුන් කටයුතු කරන
විවිධ රැකියා අංශ සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් බව වටහා ගත හැකිය.
1. එක් එක්
පුද්ගලයින් සමග සහ ඔවුන් සදහා සේවය කරන මනෝවිද්‍යා ක්ෂේත්‍ර
v සායනික මනෝවිද්‍යාව
v මනෝ වෛද්‍ය
විද්‍යාව
v මාර්ගෝපදේශක
මනෝවිද්‍යාව
v මානසික
ආබාදිතයන් සදහා මනෝවිද්‍යාව
v පුනරුත්ථාපන
මනෝවිද්‍යාව
v ළමා මනෝවිද්‍යාව
v යෞවන මනෝවිද්‍යාව
2.
ආයතන සමග සහ ඒ සදහා
සේවය කරන මනෝවිද්‍යා ක්ෂේත්‍ර
v උපදේශක
මනෝවිද්‍යාව
v අධ්‍යාපන
මනෝවිද්‍යාව
v යුධමය මනෝවිද්‍යාව
v ඉංජිනේරු
මනෝවිද්‍යාව
v වෘත්තීය
කාර්මික මනෝවිද්‍යාව
v පාසල් මනෝවිද්‍යාව
v රාජ්‍ය සේවා
සදහා මනෝවිද්‍යාව
v පාරිභෝගික
මනෝවිද්‍යාව
3.
සමාජ සංවර්ධන සහ සමාජ
මනෝවිද්‍යා ක්ෂේත්‍ර
v සංවර්ධන
මනෝවිද්‍යාව
v ප්‍රජා
මනෝවිද්‍යාව
v පෞරුෂ සහ සමාජ
මනෝවිද්‍යාව
v කාන්තා
මනෝවිද්‍යාව
v සමාජ ප්‍රශ්න
පිළිබද මනෝවිද්‍යාව
4.
පර්යේෂණාගාර සහ ප්‍රමිති
මනෝවිද්‍යා ක්ෂේත්‍ර
v පර්යේෂණ
මනෝවිද්‍යාව
v ඇගයීම් සහ
මිනුම් පිළිබද මනෝවිද්‍යාව
v ශරීර විද්‍යා
තුලනාත්මක මනෝවිද්‍යාව
v චර්යාත්මක සහ
සම්පරික්ෂණමය මනෝවිද්‍යාව
5.
අනෙකුත් විශේෂ පොදු
ක්ෂේත්‍ර
v සාමාන්‍ය
මනෝවිද්‍යාව
v ආගමික මත
පිළිබද මනෝවිද්‍යාව
v දාර්ශනික
මනෝවිද්‍යාව (අධි මනෝවිද්‍යාව)
v මානවවාදී
මනෝවිද්‍යාව
v අපර මනෝවිද්‍යා
ඉහත සදහන් මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍ර කිහිපයක් පිලිබදව සලකා බැලීමෙන් ඒ ඒ
මනෝවිද්‍යා ක්ෂේත්‍රවල කාර්යභාරයන් පිලිබදව දළ වැටහීමක් ලබාගත හැකිය.
සායනික සහ මාර්ගෝපදේශක මනෝවිද්‍යාව
පුද්ගලයින්ගේ චිත්තවේග සහ චර්යාමය
ගැටළු නිර්ණය කර ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර නියම කිරීමටත්, මානසික රෝග, බාලාපරාධ, මත්ද්‍රව්‍යවලට
ඇබ්බැහි වීම, මානසික පසුබටතාව, විවාහ සහ පවුල් ගැටළු සහ අනිකුත් සාමාන්‍ය අනුහුරු
වීමේ ගැටළු සදහා මනෝවිද්‍යාත්මක මුලධර්ම යොදාගෙන ප්‍රතිකර්ම කිරීම සහ මග පෙන්වීම
මෙම ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වේ.
සායනික මනෝ විද්‍යාඥයෝ මානසික රෝහල්වල, බාලාපරාධ චරිත ශෝධනාගාරවල, මානසික
සෞඛ්‍ය සයනවල, බන්ධනාගාරවල, පාසල් හා විශ්ව විද්‍යාලවල සහ මානසික පසුබටතාවෙන්
පෙලෙන් ළමයින් රැකබලා ගන්නා ස්ථානවල ද, පෞද්ගලිකව ද වෘත්තියෙහි නිරත වෙති.
උපදේශක මනෝවිද්‍යාඥයෝ ද සායනික මනෝවිද්‍යාඥයින් ඉටු කරන කාර්යභාරයට සමාන
කාර්යභාරයක් ඉටු කරති. සායනික මනෝවිද්‍යාඥයින් ප්‍රතිකාර කරන බැරෑරුම් මට්ටමේ
මානසික අසමානතාවලට වඩා පහල මට්ටමේ සුළු සුළු මානසික අසාමාන්‍යතා වලක්වාලීමට ඔවුහු
කටයුතු කරති. විශේෂයෙන්ම විද්‍යාල හා විශ්ව විද්‍යාල සිසුන්ට ශාස්ත්‍රීය හා
වෘත්තීය උපදේශන සේවා පැවැත්වීම, සමාජයට අනුහුරු වීමේ ගැටලුවලට සහය වීම මොවුන්ගේ කාර්යභාරයන්
අතර වේ. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින මනෝවිද්‍යාඥයින් ගෙන් 55% ක්ම ක්‍රියාත්මක වන්නේ
මේ ක්ෂේත්‍රයේය. ශ්‍රිලංකාවේ ද ‘යොවුන් මිතුරෝ’ සංවිධානයේ මෙම ක්ෂේත්‍රයෙහි මනෝවිද්‍යාඥයෝ
ක්‍රියාත්මක වෙති.
සංවර්ධන, සමාජ සහ පෞරුෂ මනෝවිද්‍යාව
මෙම විෂය අංශ
බොහෝ දුරට සමාන වු විෂය ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වන අතර ඒ ඒ විෂය කොටස්වල විශේෂඥතාව
වර්ධනය කෙරේ.
සංවර්ධන
මනෝවිද්‍යාඥයෝ මනුෂ්‍ය වර්ධනයෙහි උපතේ සිට වැඩිහිටිවිය දක්වා චර්යාව හැඩගස්වන සාධක
ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. ළමයින්ගේ විශේෂ ක්ෂේත්‍රවල දියුණුව කෙරෙහි
ඔවුහු පර්යේෂණ පවත්වති. ළදරු වියේ, ළමා වියේ, යෞවන වියේ වර්ධනය සිදුවන අන්දම,
සදාචාරය ආදී ලෙස විවිධ අංගවල වර්ධනය සිදුවන අන්දම, වර්ධන ප්‍රතිමාන සහ ඒ ඒ ක්ෂේත්‍රවල
එනම්, භාෂාව, බුද්ධිය, සදාචාරය ආදී ලෙස විවිධ අංගවල වර්ධනය සිදුවන රටා අධ්‍යනය
කිරීම ඔවුන්ගෙන් සිදුවේ.
මිනිසා ජන සමුහයක් සමග සමාජ සන්දර්භයක් තුල ජිවත් වන නිසා ඔවුන්ගේ
සංවර්ධනයේ සෑහෙන කොටසකට වැඩිහිටියන්, සමවයස් කණ්ඩායම්, යහළුවන් හා අසල්වැසියන්ගේ
බලපෑම ලැබේ. මේ ක්ෂේත්‍රය පිලිබදව විශේෂ අවධානය යොමු කරනුයේ සමාජ මනෝවිද්‍යාඥයින්
විසිනි. මෑත කාලයේ දී සමාජ මනෝවිද්‍යාඥයෝ භාණ්ඩ අලෙවිය පිළිබද පර්යේෂණ හා මහජන මත
පිළිබද පර්යේෂණ කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වති. විශාල සමාගම් තම අලෙවි කටයුතු
නිෂ්පාදන කටයුතු පිළිබද ශක්‍යතා වාර්තා සැකසීමේදී මහජන මතය ආශාවන් හා ලැදියා
පිරික්සීමේදී සමාජ මනෝවිද්‍යාඥයින්ගේ සේවය ලබා ගනිති.
පෞරුෂ මනෝවිද්‍යාව පිළිබද විශේෂඥ ක්ෂේත්‍රයෙදී පුද්ගල පෞරුෂයෙහි සංවර්ධනය
ඇති කිරීම, පෞරුෂය වර්ග කිරීම, ඒ ඒ වෘත්තීන්ට උචිත පෞරුෂ ඇති පුද්ගලයන් තේරීම හා
වෘත්තීන්ට උචිත පෞරුෂ ගොඩනැංවීම යන අංශ පිළිබද අවධානය යොමු කෙරේ.
මීට
අමතරව සම්පරික්ෂණ, කායික විද්‍යා සහ තුලනාත්මක මනෝවිද්‍යාව, කාර්මික සහ ඉංජිනේරු
මනෝවිද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ද
මිට අයත් වේ.
ඉහත
සාකච්චා කල මනෝවිද්‍යා ක්ෂේත්‍රවලට අමතරව අධිකරණ මනෝවිද්‍යාව, පරිගණක මනෝවිද්‍යාව
හා අධි මනෝවිද්‍යාව ආදී ක්ෂේත්‍රවල ද වර්තමානයේ පර්යේෂණ පැවැත්වේ. විශේෂයෙන්ම අධි
මනෝවිද්‍යාව පිලිබදව විශේෂ අධ්‍යන අංශයක් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
ඉයන් ස්ටීවන්සන් යටතේ ආරම්භ වීමත් සමග ම මනෝවිද්‍යාවේ නිම් වළලු පුළුල් වෙමින් පවතියි.
දැනට
පිළිගෙන ඇති අන්දමට විද්‍යාත්මක විධික්‍රමය හා විද්‍යා උපකරණ භාවිතා කරමින්, වාස්තවික
අන්දමට නිගමන කරා එළඹීමට නොහැකි ක්ෂේත්‍ර කරා ද පර්යේෂණ මෙහෙය වීමට අවධානය යොමු
වුයේ අපර මනෝවිද්‍යා (Para Psychology) ක්ෂේත්‍රයේ
දියුණුවත් සමගය. එම ක්ෂේත්‍රය යටතේ පුනර්ජන්මය (පසුගිය ආත්මවල ජිවන විස්තර කියන
ළමයින් පිලිබදව) අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ (ESP) සහ මනෝ ගතිකබල
ආදී ක්ෂේත්‍ර පිලිබදව ද අධ්‍යනය කෙරේ.
Comments
Post a Comment