Media Research
වාස්තවික පර්යේෂණ
වාස්තවික යන්නෙහි අර්ථය වන්නේ කාල, දේශ සීමාවකින් තොරව
වැඩිදෙනෙක් පොදුවේ පිළිගනිම යන්නය. වාස්තවික තොරතුරු කෙටි කාලයකින් වෙනස් නොවේ.
ඒවා දීර්ඝ කාලයක් ස්ථාවරව පවතී. මෙවැනි වාස්තවික ප්‍රතිපල ගෙනදෙන පරික්ෂණ වාස්තවික
පර්යේශයේෂණ ලෙස හැදින්වේ. යම්කිසි පර්යේෂණයක් පුනරාවර්තනය කරන විට එකම ප්‍රතිපලය ලැබෙන්නේ
නම් ඒවා වාස්තවික පර්යේෂණ වේ. සමාජ විද්‍යාත්මක පරීක්ෂණවලට සාපේක්ෂව බලන විට
ස්වභාවික විද්‍යාත්මක පරීක්ෂණ වස්තවිකත්වයෙන් වැඩිය.
උදාහරණ: නියත උෂ්ණත්වයකදී අචල වායු ස්කන්ධයක පරිමාව හා පීඩනය ප්‍රතිලෝම
අනුපාතිකව විචලනය වන බව බොයිල්ගේ පරීක්ෂණයෙන් ප්‍රකාශ වේ.
මෙම පර්යේෂණය පුනරාවර්තනය කරන සෑම විටම එකම ප්‍රතිපලය ලැබේ. එනිසා මෙය
වාස්තවික පරීක්ෂණයක් වනු ඇත. නමුත් වැද්දන්ගේ ස්වභාවික හැසිරීම පිලිබදව මීට වසර
500කට පෙර ලබාගත් තොරතුරු සහ අද ඒ පිලිබදව ලබා ගන්නා තොරතුරු අතර විශාල වෙනසක්
දැකිය හැකිය. ඒනිසා එවැනි පරීක්ෂණ වාස්තවික පරීක්ෂණ නොවේ.
හොද පර්යේෂණයක දැකියහැකි
ලක්ෂණ:
1. සවිස්තරාත්මක අධ්‍යනයක්
සිදු කිරීම
මෙහිදී කරුණු
මගහැරිමකින් තොරව ආත්මීය ලක්ෂණ බලපෑමකින් තොරව සම්පුර්ණ ප්‍රභවයම ඉතා හොදින් අධ්‍යනය
කල යුතුය.
2. හැකි සෑම විටම එකම
පර්යේෂණය නැවත නැවත සිදුකර ප්‍රතිපලය තහවුරු කරගත යුතුය.
3. අවශ්‍ය අවස්ථාවලදී
සුදුසු උපකරණ භාවිතා කල යුතුය.
4. වාර්තා තබාගත යුතුය.
සාමාන්‍යයෙන් වාර්තා
තබාගැනීමට සිදුවන්නේ පරීක්ෂණය අවසන් වු පසු නොව පරීක්ෂණය සිදුකරන අතරතුරදීය. එසේ
කිරීමෙන් ලැබියහැකි වාසි කිහිපයක් ඇත.
v පරික්ෂණයක් අවසන් වු පසු
වාර්තා තබගතහොත් අමතක වීම හේතුකොටගෙන ඇතැම් කරුණු මගහැරී යාහැකිය.
v ඇතැම් පරීක්ෂණ නිමවීමට
වසර ගණනාවක් ගතවිය හැකිය. බොහෝවිට තමා ජිවත්වන කාලය තුලදී පරීක්ෂණය සිදුකිරීමට
නොහැකිවිමටද ඉඩ ඇත. ඒ නිසා ඒ ඒ අවස්ථාවලදී ලබාගත් ප්‍රතිපල සටහන් කරගෙන අනිකුත්
විද්‍යාඥයන් වෙත වාර්තා කල යුතුය.
v පරීක්ෂණයක් අඛණ්ඩව
සිදුකරගෙන යාමේදී එම පරික්ෂනයේම ඉදිරි පියවරවල් තීරණය කිරීමට එහි පෙර දත්ත අවශ්‍ය
විය හැකිය. මේ සදහාද පරීක්ෂණය සිදු කරන අතරම වාර්තා තබාගැනීම වැදගත් වේ.
Comments
Post a Comment