Hypothesis
උපන්‍යාසය
විද්‍යාත්මක ගැටලුවකට දෙනු ලබන විසදුමක් උපන්‍යාසයක් ලෙස හැදින්වේ.
පරීක්ෂණවලට අනුව උපන්‍යාසයක් සත්‍ය හෝ අසත්‍ය විය හැකිය. ඒ නිසා මෙය අවිනිශ්චිත
විසදුමක් වේ. උපන්යසයකින් කෙරෙන්නේ ස්වභාව ධර්මය පිලිබදව සවිධිතාවයක්
දැක්වීමය.සවිධිතාවය දැක්වීම යනු යම් දෙයක් සිදුවන ආකාරයේ පොදු රටාව දැක්වීමය.
උදාහරණ: භෞතික වස්තුන් දෙකක් අතර ඒවායෙහි ස්කන්ධයෙහි ගුණිතයට අනුලෝමව
අනුපාතික වුද ඒවා අතර තිබෙන දුර ප්‍රමාණයේ වර්ගයට ප්‍රතිලෝම ආකර්ෂණ ශක්තියක් ඇතිබව
ගුරුත්වකර්ශනවාදයෙන් ප්‍රකාශ වේ. ගස්වලින් ගෙඩි බිමට වැටීමට හේතුව,සූර්යයා වටා ග්‍රහවස්තුන්
ඉලිප්සාකාරව ගමන් කිරීමට හේතුව ගුරුත්වකර්ශනවාදයෙන් පැහැදිලි කරයි.ඒ නිසා
ගුරුත්වකර්ශනවාදය ස්වභාවධර්මය පිළිබද සවිධිතාවයක් දක්වන බව කිවහැකිය.
කිසියම් ගැටලුවකට එකම විද්‍යාඥයා විසින් උපන්‍යාස ගණනාවක් වුවද ඉදිරිපත්
කිරීමට ඉඩ ඇත.
උදාහරණ:ග්‍රහ චලිතය පිලිබදව නිවැරදි මතයක් පල කිරීමට පෙර කෙප්ලර් විසින්
උපන්‍යාස 19ක් සකස් කරගෙන ඇත. අවසානයේදී සියලු කරුණු හා ගැලපී තිබෙන්නේ එක් උපන්‍යාසයක්
පමණි.
කිසියම් ගැටලුවකට විද්‍යාඥයින් දෙදෙනෙකු එකම උපන්‍යාසය ලබාදීමටද ඉඩ ඇත.
උදාහරණ: පරිණාමවාදය පිළිබද උපන්‍යාසය චාල්ස් ඩාවින් මෙන්ම ඇල්ෆ්‍රඩ් රසල්
වොලස්ද ඉදිරිපත් කර ඇත.
විද්‍යාඥයින් තුල තුල උපන්‍යාසයක් බිහිවන ආකාරය පිලිබදව නිශ්චිත නීතිරීති
පද්ධතියක් ඉදිරිපත් කල නොහැකිය. හොද උපන්‍යාසයක් අහම්බෙන් සොයා ගැනීමටද ඉඩ ඇත.
උදාහරණ: ඇලෙක්සැන්ඩර් ප්ලේමින්ග් 1821දි පෙනිසිලින් සොයා ගත්තේ අහම්බෙන්ය. ඉන්ප්ලුවෙන්සා
රෝගය බෝකරන සටැප්ලා කොකුස් නමැති බැක්ටීරියා විශේෂය පිළිබද හදාරමින් සිටිනවිට
රෝපිත බැක්ටීරියා අඩංගු තහඩුවක් මත එක්තරා පුස් විශේෂයක් හෙවත් හෙවත් දිලීර
වර්ගයක් බැදී තිබෙන ආකාරය අහම්බෙන් දැක ඇත. තවදුරටත් පරික්ෂාකර බැලීමේදී එම පුස්
රෝද වටා බැක්ටීරියා විනාශ වී තිබෙන ආකාරයද දැකගත හැකි වී තිබේ. මෙම පුස් විශේෂය
බැක්ටීරියා විනාශකර තිබෙන නිසා මෙය බැක්ටීරියා විනාශ කිරීමට ප්‍රතිජීවක ඖෂධයක් ලෙස
යොදාගතහැකි බව මොහු සොයා ගත්තේය. පෙනිසිලින්ග් ලෙස නම් කලේ මෙම පුස් විශේෂයයි.මෙය
අහම්බෙන් සොයාගත්බව ප්‍රකාශ කිරීමට හේතුව මෙය සොයාගැනීමට පෙර මෙවැනි දෙයක් තිබිය
යුතුය යන මතය මොහු තුල නොපැවතී බැවිනි.
උපන්‍යාසයක් විද්‍යාත්මක වීමට නම් එය අනුභූතික විය යුතුය. එසේ නොවන උපන්‍යාස
විද්‍යාත්මක නොවේ.
විද්‍යාත්මක නොවන උපන්‍යාසවලට නිදසුන්:
·
විශ්වය දෙවියන්ගේ
නිර්මාණයකි.
·
අංක 13 මිනිසාට අසුභ වේ.
·
පොලව යට අපාය ඇත.
විද්‍යාත්මක උපන්‍යාසයක් අනුභූතික පරීක්ෂණවලට අනුව තහවුරු වීමට මෙන්ම ප්‍රතික්ෂේප
වීමටද ඉඩ ඇත.
තහවුරු වු උපන්‍යාසවලට නිදසුන්:
·
සුර්යයා වටා ග්‍රහවස්තුන්
ඉලිප්සාකාරව ගමන් කරයි.
·
ජීවින් ඕපපාතිකව ජනනය
නොවේ.
·
දහනයේදී ඔක්සිජන්
සම්බන්ධ වේ.
ප්‍රතික්ෂේප වු උපන්‍යාසවලට නිදසුන්:
·
පෘතුවිය වටා ග්‍රහවස්තුන්
ගමන් කරයි.
·
දහනයේදී ප්ලෝජිස්ටන්
බැහැරව යයි.
·
ජීවින් ඕපපාතිකව ජනනය
වේ.
Comments
Post a Comment