Psychology
මනෝවිද්‍යාවේ ස්වභාවය ඈත අතීතයේ සිටම මිනිසා විසින් මිනිස් මනස අවබෝධ කරගැනීමට ඉමහත් ප්රයත්නයක් දැරූ බව නොරහසකි. බටහිර දර්ශනයේ ආරම්භක යුගයේ වන ග්‍රීක යුගයේ ජිවත් වු පයිතගොරස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයන් විසින් ආත්මය ගැනත් කායික ක්‍රියාවලියට අමතරව බලපවත්වන මානසික ක්‍රියාවලියක් ගැනත් සදහන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් ආත්මය ( soul) යන්න මනස යන වචනයට වඩා භාවිතා කරනු ලැබූ අතර එය මනස යනුවෙන් වර්තමානයේ වෙනස් වී තිබේ. “කාර්මික විප්ලවය නිසා ලෝකයේ ඇති වු නොයෙක් වෙනස්කම්වලට ද වඩා අප ජිවිත කෙරෙහි බෙහෙවින්ම බලපානු ලබන විද්‍යාව වන්නේ මනෝවිද්‍යාවයි” යනුවෙන් මහාචාර්ය අයිසෙක් නිවුටන් ( Eysenk H.J.) ප්‍රකාශ කර ඇත. අපගේ ජීවිතය හා සම්බන්ධ සෑම ක්ෂේත්රයක්ම, සෑම අංශයක්ම පිලිබදව හැදෑරීම මනෝවිද්‍යාව මගින් කෙරේ. වර්තමානයේ සමාජය සංකීර්ණ වීමත් සමග ම වැඩිවන මිනිස් ගැටළු විසදිමෙහිලා උපකාරීවන විෂයක් වශයෙන් මනෝවිද්‍යාවට වැඩි පිළිගැනීම...
Comments
Post a Comment