Experiment



සමාජ විද්‍යාවන්වලදී සම්පරික්ෂණය පැවැත්වීමේ දුෂ්කරතාව (සමාජ විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂනවල පමණක් සිමා කිරීමට හේතු)


මිනිස් සමාජයේ සාමාජික ලක්ෂණ පිළිබදව හදාරන විද්‍යාත්මක අධ්‍යනයක් ලෙස සමාජ විද්‍යා නම් කල හැකිය. සම්පරික්ෂණය යනු සාධක පාලනය කරමින් හා විචලනය කරමින් සිදුකරන පරීක්ෂණයයි. සම්පරික්ෂණ සදහා බහුලව උපකරණ භාවිත කරන අතර බොහෝවිට මෙය සිදු කරන්නේ විද්‍යාගාරයක් තුලය. සමාජයක් පිලිබදව කරුණු හැදෑරීමේදී සාධක පාලනය කිරීම දුෂ්කරය. උපකරණ භාවිතා කරමින් විද්‍යාගාරය තුල පරීක්ෂණ පැවැත්වීමද දුෂ්කරය.

උදාහරණ: කුඩා දරුවන් පියාට වැඩිය මවට ආදරය කරන්නේ ඇයිද යන්න සොයා බැලීමට අවශ්‍ය බව සිතමු. මෙහිදී කුඩා ළමයින්ව දෙමව්පියන්ගෙන් වෙන්කර සාධක පාලනයක් කිරීම දුෂ්කරය. මොවුන් සියලු දෙනා විද්‍යාගාරයක් තුලට දමා උපකරණ භාවිතා කරමින් මෙම අධ්‍යනය සිදු කිරීමට නොහැකිය. මෙහිදී අපට කළහැකි වන්නේ සෘජු නිරීක්ෂණයක් මගින් හෝ සම්මුඛ සාකච්චාවක් මගින් හෝ ප්‍රශ්නාවලියක් මගින් හෝ තොරතුරු එක්රැස් කරගැනීම පමණි. මෙම ක්‍රම සියල්ලම නිරීක්ෂණ ක්‍රම මිස සම්පරික්ෂණ ක්‍රම නොවන බව පැහැදිලිය.

මින් පැහැදිලි වන්නේ සමාජ විද්‍යාවන් සදහා සම්පරික්ෂණය යොදාගැනීම දුෂ්කර වන බවය. එහෙත්, ඇතැම් අවස්ථාවලදී සම්පරික්ෂණ ක්‍රම යොදා ගනියි.

උදාහරණ: සම්පරික්ෂණ ක්‍රමයක් ලෙස සැලකෙන පාලිත කණ්ඩායම් පරීක්ෂණය සමාජ විද්‍යාවන්ටද යොදාගනු ලබයි.

උදාහරණ: ඡන්ද අපේක්ෂකයෙකුගේ ඡන්දය කෙරෙහි කුලය බලපාන්නේද යන්න දැනගැනීමට අවශ්‍ය වන බව සිතමු. මේ සදහා ඡන්ද අපේක්ෂකයන්ව කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමක අයගේ කුලය ඡන්ද දායකයින්ට දැනගැනීමට ඉඩ සලස්වයි. අනෙක් කණ්ඩායමේ අයගේ කුලය හෙළිදරව් නොකරයි. ඡන්දය පැවැත්වීමෙන් පසු මොවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව ඡන්ද ලබාගැනීමේදී පුද්ගලයන් කුලය සැලකිල්ලට ගෙන තිබේද යන්න සොයා බැලීමට හැකිය.

සමාජ විද්‍යාවක් ලෙස සැලකෙන මනෝවිද්‍යාව සදහා සම්පරික්ෂණ ක්‍රම යොදාගනියි. මනෝවිද්‍යාත්මක සම්පරික්ෂණ සිදු කිරීමට පරීක්ෂණාගාර ද ඇත. ප්‍රථම පරීක්ෂණාගාරය 1879 දී විල්හෙල්ම් වුන්ඩ්ට් විසින් ජර්මනියේ ලිප්සිග් විශ්වවිද්‍යාලයේ පිහිටුවන ලදී.

එමෙන්ම පුරාවිද්‍යාවේදී සොයාගනු ලබන වස්තූන්ගේ පැරණිකම තක්සේරු කිරීමට කාබන් 14 වැනි රසායනාගාර සම්පරික්ෂණ ක්‍රම යොදාගනියි. මානව විද්‍යාවේද හිස්කබල් පිළිබද අධ්‍යනයක් සිදු කිරීමේදී සම්පරික්ෂණ ක්‍රම යොදා ගනියි.

Comments

Post a Comment

Popular posts from this blog

Psychology

Perception