Posts

Showing posts from December, 2017

Hypothesis

උපන්‍යාසය විද්‍යාත්මක ගැටලුවකට දෙනු ලබන විසදුමක් උපන්‍යාසයක් ලෙස හැදින්වේ. පරීක්ෂණවලට අනුව උපන්‍යාසයක් සත්‍ය හෝ අසත්‍ය විය හැකිය. ඒ නිසා මෙය අවිනිශ්චිත විසදුමක් වේ. උපන්යසයකින් කෙරෙන්නේ ස්වභාව ධර්මය පිලිබදව සවිධිතාවයක් දැක්වීමය.සවිධිතාවය දැක්වීම යනු යම් දෙයක් සිදුවන ආකාරයේ පොදු රටාව දැක්වීමය. උදාහරණ: භෞතික වස්තුන් දෙකක් අතර ඒවායෙහි ස්කන්ධයෙහි ගුණිතයට අනුලෝමව අනුපාතික වුද ඒවා අතර තිබෙන දුර ප්‍රමාණයේ වර්ගයට ප්‍රතිලෝම ආකර්ෂණ ශක්තියක් ඇතිබව ගුරුත්වකර්ශනවාදයෙන් ප්‍රකාශ වේ. ගස්වලින් ගෙඩි බිමට වැටීමට හේතුව , සූර්යයා වටා ග්‍රහවස්තුන් ඉලිප්සාකාරව ගමන් කිරීමට හේතුව ගුරුත්වකර්ශනවාදයෙන් පැහැදිලි කරයි.ඒ නිසා ගුරුත්වකර්ශනවාදය ස්වභාවධර්මය පිළිබද සවිධිතාවයක් දක්වන බව කිවහැකිය. කිසියම් ගැටලුවකට එකම විද්‍යාඥයා විසින් උපන්‍යාස ගණනාවක් වුවද ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. උදාහරණ:ග්‍රහ චලිතය පිලිබදව නිවැරදි මතයක් පල කිරීමට පෙර කෙප්ලර් විසින් උපන්‍යාස 19ක් සකස් කරගෙන ඇත. අවසානයේදී සියලු කරුණු හා ගැලපී තිබෙන්නේ එක් උපන්‍යාසයක් පමණි. කිසියම් ගැටලුවකට විද්‍යාඥයින් දෙදෙනෙකු එකම උපන්‍යාසය ලබාදීමටද ඉඩ ඇ...

Globalization

ගෝලීයකරාණය යනු , Globalisation යනුවෙන් හඳුන් වන ඉ o සි වචනය සඳහා විවිධ සි o හල නිර්වචන දක්නට ඇත . පෘතුවිකරණය , ජගත්කරණය , ලෝකගතකරණය , ලෝකාවේශය යන ඒ සෑම වචනයකින් ම කියැවෙන්නේ ‘ Globalisation ’ යන වචනයට තනාගත් සි o හල අර්ථ වේ .             ගෝලියකරණය සම්බන්ධයෙන් මුලින්ම දේශනා කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි . හි o සාව , පීඩනය සියලු භේද , අසමානකම් බැහැර කර හැම කෙනෙකුටම එක හා සමාන ලෙස සළකන   සෑම කෙනෙකුටම පණ රැක ගැනීමට ඉඩ තිබිය යුතු බව ද බුදුන් වහන්සේ දේශනා කලහ . දේශ සීම සමූහණ්ඩු අතර   අරගල , තෘෂ්ණාවෙන් මිරිකී කටයුතු කිරීම අගතියට හේතු වන හෙයින් ඒ සියල්ල අත් හළ යුතු බව පැවසූහ . මේ සියල්ල පවත්වා ගත හැක්කේ ධාර්මික මාවත ඔස්සේ බව බුද්ධ ධර්මයේ ඉගැන්විණි . එය සැබෑ ගෝලියකරණය ලෙස පිළිගත නොහැකි වේද ?

Experiment

සමාජ විද්‍යාවන්වලදී සම්පරික්ෂණය පැවැත්වීමේ දුෂ්කරතාව (සමාජ විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂනවල ට පමණක් සිමා කිරීමට හේතු) මිනිස් සමාජයේ සාමාජික ලක්ෂණ පිළිබදව හදාරන විද්‍යාත්මක අධ්‍යනයක් ලෙස සමාජ විද්‍යා නම් කල හැකිය. සම්පරික්ෂණය යනු සාධක පාලනය කරමින් හා විචලනය කරමින් සිදුකරන පරීක්ෂණයයි. සම්පරික්ෂණ සදහා බහුලව උපකරණ භාවිත කරන අතර බොහෝවිට මෙය සිදු කරන්නේ විද්‍යාගාරයක් තුලය. සමාජයක් පිලිබදව කරුණු හැදෑරීමේදී සාධක පාලනය කිරීම දුෂ්කරය. උපකරණ භාවිතා කරමින් විද්‍යාගාරය තුල පරීක්ෂණ පැවැත්වීමද දුෂ්කරය. උදාහරණ: කුඩා දරුවන් පියාට වැඩිය මවට ආදරය කරන්නේ ඇයිද යන්න සොයා බැලීමට අවශ්‍ය බව සිතමු. මෙහිදී කුඩා ළමයින්ව දෙමව්පියන්ගෙන් වෙන්කර සාධක පාලනයක් කිරීම දුෂ්කරය. මොවුන් සියලු දෙනා විද්‍යාගාරයක් තුලට දමා උපකරණ භාවිතා කරමින් මෙම අධ්‍යනය සිදු කිරීමට නොහැකිය. මෙහිදී අපට කළහැකි වන්නේ සෘජු නිරීක්ෂණයක් මගින් හෝ සම්මුඛ සාකච්චාවක් මගින් හෝ ප්‍රශ්නාවලියක් මගින් හෝ තොරතුරු එක්රැස් කරගැනීම පමණි. මෙම ක්‍රම සියල්ලම නිරීක්ෂණ ක්‍රම මිස සම්පරික්ෂණ ක්‍රම නොවන බව පැහැදිලිය. මින් පැහැදිලි වන්නේ සමාජ විද්‍යාවන...

Media Research

වාස්තවික පර්යේෂණ වාස්තවික යන්නෙහි අර්ථය වන්නේ කාල , දේශ සීමාවකින් තොරව වැඩිදෙනෙක් පොදුවේ පිළිගනිම යන්නය. වාස්තවික තොරතුරු කෙටි කාලයකින් වෙනස් නොවේ. ඒවා දීර්ඝ කාලයක් ස්ථාවරව පවතී. මෙවැනි වාස්තවික ප්‍රතිපල ගෙනදෙන පරික්ෂණ වාස්තවික පර්යේශයේෂණ ලෙස හැදින්වේ. යම්කිසි පර්යේෂණයක් පුනරාවර්තනය කරන විට එකම ප්‍රතිපලය ලැබෙන්නේ නම් ඒවා වාස්තවික පර්යේෂණ වේ. සමාජ විද්‍යාත්මක පරීක්ෂණවලට සාපේක්ෂව බලන විට ස්වභාවික විද්‍යාත්මක පරීක්ෂණ වස්තවිකත්වයෙන් වැඩිය. උදාහරණ: නියත උෂ්ණත්වයකදී අචල වායු ස්කන්ධයක පරිමාව හා පීඩනය ප්‍රතිලෝම අනුපාතිකව විචලනය වන බව බොයිල්ගේ පරීක්ෂණයෙන් ප්‍රකාශ වේ. මෙම පර්යේෂණය පුනරාවර්තනය කරන සෑම විටම එකම ප්‍රතිපලය ලැබේ. එනිසා මෙය වාස්තවික පරීක්ෂණයක් වනු ඇත. නමුත් වැද්දන්ගේ ස්වභාවික හැසිරීම පිලිබදව මීට වසර 500කට පෙර ලබාගත් තොරතුරු සහ අද ඒ පිලිබදව ලබා ගන්නා තොරතුරු අතර විශාල වෙනසක් දැකිය හැකිය. ඒනිසා එවැනි පරීක්ෂණ වාස්තවික පරීක්ෂණ නොවේ. හොද පර්යේෂණයක දැකියහැකි ලක්ෂණ:     1.      සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීම මෙහිදී කරුණු මගහැරිමකින් තොරව ආත්...
https://www.scribd.com/document/366557115/new-media