Usage of Language in New Media
නව මාධ්‍ය සදහා භාෂාව භාවිතය
නව මාධ්‍ය සදහා භාෂාව භාවිත කිරීමේදී නව මාධ්‍ය යනු
තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතයෙන් සිදුකරන්නක් බව නැතහොත් බිහිකරන්නක් බව
වටහාගත යුතුය. ප්‍රධාන වශයෙන්ම පරිගණකය, ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය මේ සදහා
භාවිතයට ගැනේ. මෙම නව මාධ්‍ය පෞද්ගලිකවත් පොදුවේත් වර්තමානයේදී සන්නිවේදන කාර්යයන්
සදහා බහුලව භාවිතයට ගනු ලබයි.
නව මධ්‍යයේ පවතින සීමිත ඉඩකඩ නිසා සහ පිරිවැය හේතුවෙන්
එහිදී ලේඛණය ඉතාමත් කෙටි වියයුතුය. එමෙන්ම සරල විය යුතුය. ලේඛණය නිරවුල් හා ඍජු
විය යුතුය. නැතහොත් එය පරිශීලනය කරන ග්‍රාහකයා වැරදි පණිවුඩයක් ග්‍රහණය කරගනු ඇත.
ඔහු වික්ෂිප්තභාවයට පත්වීමෙන් පණිවුඩය යවන තැනැත්තා සන්නිවේදකයාගේ අරමුණ නිසිලෙස
ඉටුනොවනු ඇත.
නව මධ්‍යයේදී කෙටි සහ සරල භාෂාවක් යෙදීමට අමතරව එහි
භාවිතා වන භාෂාව යෙදීමට අමතරව එහි භාවිත වන භාෂාව පිලිබදවද දැඩි අවදානයක් යොමුකළ
යුතුය. බොහෝ අවස්ථාවලදී නව මධ්‍යයේ භාවිත වන්නේ ජාත්‍යන්තර භාෂාවයි. එබැවින් ඉංග්‍රීසි
භාෂාව පිළිබදවද යම් අවබෝධයක් නව මාධ්‍ය පරිශීලනය කරනු ලබන සන්නිවේදකයාටත්,ග්‍රහකයාටත්
තිබිය යුතුය.
නව මාධ්‍ය භාවිතයේදී සංඛේත, සලකුණු සහ සංඥා
පිළිබදවද පුළුල් අවබෝධයක් තිබිය යුතුය. මන්ද නව මධ්‍යයේ බොහෝ උපදෙස් සොයාගැනීම් සහ
ක්‍රියාත්මක කිරීම් සදහා භාවිත වන්නේ සංඛේත, සංඥා හා සලකුණු බැවිනි.
උදාහරණ: පණිවුඩයක් යැවීමේදී ලියුම් කවරයක සලකුණක් නව මධ්‍යයේදී
හදුනාගත හැකිය.
යම් ඇමුණුමක් සිදුකිරීමට අවශ්‍ය නම් file clip සලකුණක් භාවිතයට
සිදුවේ. සතුට ප්‍රකාශ කිරීමට නම් සිනාමුසු මුහුණක් භාවිත කළ හැකිය. Face book, YouTube, Skype, Twitter නැතහොත් Viber පරිශීලනය සදහා ඒ සදහා
වෙන් වු සංඛේත පවතියි.
මේවා ඇස ගැටුණු සැනින් අන්තර්ජාලය හෝ නව මාධ්‍ය පිලිබදව
ඉතා සුළු දැනුමක් ඇති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකිය. මීට අමතරව නව මාධ්‍ය
දේශීය භාෂාවලින්ද භාවිතයට ගත හැකිය. එහෙත් ඒ සදහා නව මෘදුකාංග අවශ්‍ය වනු ඇත. මීට
අමතරව තමන්ගේ මු භාෂාව ජාත්‍යන්තර භාෂාවෙන් (ඉංග්‍රීසි) වරනැගිමේ හැකියාවද නැතහොත්
ශබ්දය ලිවීමේ හැකියාවද නව මාධ්‍ය තුල පවතියි.
නව මාධ්‍ය බිහිවීම නිසා දේශීය භාෂාවන් අභියෝගයකට ලක්වීමද
විශේෂත්වයකි. බොහෝ නව මාධ්‍ය පරිශීලනය කරනු ලබන කණ්ඩායම් කෙටි පණිවුඩ මගින් අදහස්
හුවමාරු කර ගැනීමේදී භාෂා රීති භාෂාවේ විරාම ලක්ෂණ සහ භාෂාවේ ව්‍යාකරණ අමතක කරනු
ලබයි.
මේ නිසා දේශීය භාෂාවන් නව මාධ්‍ය හේතුවෙන් අභියෝකට ලක්වෙමින්
පවතියි. ඇතැම් පරිගණක මෘදුකාංගවල නිසිලෙස දේශීය භාෂාවන් ලිවීමට අවශ්‍ය අකුරු හෝ
අනෙකුත් විරාම ලක්ෂණ නොමැත. මේ නිසා එවැනි දේශීය භාෂාවලට හානියක් සිදුවේ. අකුරු
එකතුකර වචනයේ ශබ්දයට පමණක් ලිවීමට ඇතැම් මෘදුකාංග හේතුවෙන් සිදුවේ.
විචාරකයින් පවසන්නේ දේශීය භාෂාවන්ට හානි ගෙනදෙනවා යැයි
තර්ක කරමින් නොසිට දේශීය භාෂාවන් ලිවියහැකි අන්දමින් නව මාධ්‍ය මෘදුකාංග සොයා
ගැනීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බවයි.
Comments
Post a Comment