sociology
සමාජ විද්‍යාවේ ප්‍රභවය
සහ විකාශනය
සමාජ විද්‍යාව ආරම්භ වී තවමත් ගතව ඇත්තේ වසර 170ක් පමණ කෙටි කාලයකි. එසේ
නමුත් සමාජ විද්‍යාව විෂයට දීර්ඝ ඉතිහාසයක් පවතී. සමාජ විද්‍යාවට කෙටි ඉතිහාසයක්
ඇති ඇති පිළිගැනීම මත එය සියලුම සමාජීය විද්‍යාවන්ගේ ලාබාලම විෂය ලෙස සැලකේ. Sociology යන වචනය ප්‍රථම වරට
භාවිත කරනු ලැබුවේ ප්‍රංශ දාර්ශනික ඕගස්ටේ කොම්ටේ නමැති පුද්ගලයාය. එමනිසා ඔහු
සමාජ විද්‍යාවේ පියා ලෙස සලකනු ලබයි. සමාජ විද්‍යා විෂය ආරම්භ වීමට බලපාන ලද
ඓතිහාසික, සමාජ, දේශපාලනික, ආර්ථික සහ ආගමික සාධකයන් පවතියි. මේ අතරින්
ප්රෝතෙස්තන්ත්‍ර ආචාරධර්ම (Protestant) ඇතුලත් කැල්වින් වාදයට
අයත් නව කතෝලික ආගමික ව්‍යාපාරද, ප්‍රංශ විප්ලවයද, කාර්මික විප්ලවයද
වැදගත් වේ.
ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම යනු එතෙක් පැවති සම්ප්‍රදායික කතෝලික ආගමට ප්‍රතිසන්ස්කරනවාදීන්
ලෙස ජෝන් කැල්වින් සහ මාටින් ලුතර්
ඉදිරිපත් කරන ලද නව ආගමික ඉගැන්විම්ය. සම්ප්‍රදායික කතෝලික ආගමේ පැවති ආගමික
ඉගැන්වීම් මගින් ධනවාදයේ වර්ධනයට බාධාකාරී තත්වයන් ඇති වී තිබිණි. ඒ අනුව ජෙරන්
කැල්වින් සහ මාර්ටින් ලුතර් විසින් ඉදිරිපත්කරන ලද නව ප්‍රතිසංස්කරනවාදී අදහස්
යුරෝපා ධනේශ්වර වර්ධනයට මහෝපකාරී විය.
ඔවුන් පැවසුවේ ස්වර්ගයට යා හැක්කේ දිළින්දන්ට නොව වෙහෙස මහන්සි වී වැඩ කරන
වත්කම් සහ දේපල ගොඩනගා ගන්නා ධෛරියවන්ත මිනිසුන්ට බවයි. මේ මතය සාම්ප්‍රදායික
කතෝලික ආගමේ ලෝකෝත්තර අරමුණ වෙනුවට ලෞකික සංවර්ධනයකට දිශාගත වීමකි. මෙම මතවාදයන්
නිසා යුරෝපයේ කාර්මික වර්ධනයත්, ධනේශ්වර නැගිසිටිමත් සිදුවිය.
මේ පිලිබදව මැක්ස් වේබර් නමැති සමාජ විද්‍යාඥයා විසින් පර්යේෂණ කොට ග්‍රන්ථයක්
එළිදක්වයි. එහි නම වන්නේ (The Protestant Ethics & The Spirit of the
Capatalism) ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම සහ ධනවාදයේ සාරය යන්නයි.
මෙමගින් මැක්ස් වේබර් පැහැදිලි කලේ යුරෝපයේ ධනවාදයට මග පෑදුවේ යුරෝපින්
විසින් සමාජගත කල නව ආකල්ප නිසා බවයි.
Comments
Post a Comment