Introduction to Sociology
සමාජ විද්‍යාව අර්ථකථනය
කිරීම
සමාජය (Society) යන ඉංග්‍රීසි වචනය ලතින් භාෂාවේ එන “සොසියුස්” යන
වචනයෙන් සකස් වී ඇත. එහි අර්ථය වන්නේ, “මිත්‍රත්වය සහ එකතුවීම” යන්නයි. ඒ අනුව
සාමුහික සමාජ සම්බන්ධතාවලින් ජීවත්වීම සමාජය යන පදයේ අර්ථයයි. මේ නිසා මැක් අයිවර්
නමැති චින්තකයා සදහන් කරන්නේ සමාජය යනු සමාජ සම්බන්ධතාවල ජාලයක් බවයි.
ඕගස්ටේ කොම්ටේ (Auguste Comte) නමැති ප්‍රංශ ජාතික
චින්තකයා 1809දි ප්‍රථම වරට Sociology යන පදය හදුන්වා දෙන ලදී.
මීට පෙර ඕගස්ටේ කොම්ටේ විසින් මෙම විෂය සමාජ භෞතික විද්‍යාව වශයෙන්ද හදුන්වා ඇත. Sociology යන වචනය සකස් වී ඇත්තේ
ලති භාෂාවේ එන Socious යන පදයත්, ග්‍රීක භාෂාවේ එන Logos
යන පදයත් එක් වීමෙනි. Socious යන්නෙන් “මිත්‍රත්වය සහ
එකතු වීම” අදහස් වේ. Logos යන්නෙන් “තර්ක කිරීම සහ
අධ්‍යනය” යන්න අදහස් වේ. ඒ අනුව Sociology යන වචනය සමාජය පිළිබද
විද්‍යාව වේ.
19 වන සියවසේ සමාජ චින්තකයෙකු වන Jhou Stuart Mill සමාජ විද්‍යාව විෂය සදහා
“චර්යා විද්‍යාව” නමැති පදය යෝජනා කරයි. Herbert Spencer නමැති චින්තකයා සමාජය
පිළිබද න්‍යායාත්මක අධ්‍යනවලදී Sociology යන පදය භාවිතයට ගෙන
තිබේ.
සමාජ විද්‍යාවේ නිර්වචන
“සියලු සාමාජික විද්‍යාවන්ගේ අගරැජිණිය සමාජ විද්‍යාවයි.”
(ඕගස්ටේ කොම්ටේ)
“සමාජ විද්‍යාව මගින් කරනු ලබන්නේ සමාජ කරුණු (Social fact)
අධ්‍යනය කිරීමයි”
(එමිල් ඩර්කයිම්)
“සමාජ ක්‍රියා සහ අන්තර් ක්‍රියා අධ්‍යනය කිරීම සමාජ
විද්‍යාවේ අරමුණයි”
(මැක්ස් වේබර්)
Comments
Post a Comment