New media



නව මාධ්‍යය ලංකාව තුළ භාවිතය සහ  ක්‍රියාකාරිත්වය

නව මාධ්‍යය යනු:

       මෙතෙක් පැවති ජනමාධ්‍යයන් මැද්දට පරිගණක අන්තර්ජාලයේ කඩා වැදීම මින් සිදු කර ගෙන තිබෙන මහා වෙනසයි.එය එක්තරා ආකාරයක ජනමාධ්‍යයන්හි සිදු වූ මහා පිපුරමකි.
සාම්ප්‍රදායික ජනසන්නිවේදන ආකෘති මින් පැහැදිලි කළ නොහැකි වෙනස්කම් රැසක් මේ වන විට නව මාධ්‍යයේ පහළ වීමත් සමම විද්‍යමාන වී තිබේ.පණිවිඩය හා ග්‍රාහකයා අතර එතෙක් දකින්නට තිබූ රේඛීය සම්බන්ධය වෙනුවට වැඩි දෙනෙක් වැඩි දෙනෙකු අතර කෙරෙන සන්නිවේදනයක් කළ හැකි ලෙස තාක්ෂණික හැකියාවක් මතු වී තිබෙන හෙයින් ජාලගත සම්බන්ධතාවකි.

     එසේම එකම පණිවිඩය එකම වේලාවේදී ලබා ගැනීම යළි සකස් කිරීම සහ නැවත බෙදා හැරීම යන කටයුතු තාක්ෂණික වශයෙන් සිදු කළ හැකිය.
නව මාධ්‍යය කුඩා ප්‍රජාවන් ගොඩනැගීම සිදු කරන්නේ බොහෝ දුරට යතාර්ථ ලෝකයක් මත නොව සයිබර් අවකාශයක් මතය.පරිගණක අන්තර්ජාලය මින් කුඩා ජන සමූහ අතර අලුත් සම්බන්ධතා ඇති කර ගනිමින් ප්‍රජාවන් ගොඩනැගීම මේ වන විට අලුත් දෙයක් නොවේ.
නව මාධ්‍යය බිහි වීමත් සම සියලු දෙනාටම තම මතය ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ.න්‍යායිකව ගත් කළ නව මාධ්‍යය සන්ධර්භයක් ඇතුළත ඕනෑම කෙනෙකුට පුවත්පත් කතු වරයෙකු විය හැකිය.ඕනෑම කෙනෙකුට තමන්ගේ ගුවන් විදුලියක් පවත්වා ගෙන යා හැකිය.

වාසි
·       සාම්ප්‍රදායික ජන මාධ්‍යය ආරම්භ වනවාට වඩා අඩු වියදමකින් එය කළ හැකිය.
·       වැඩි වේගයකින් තොරතුරු යැවිය හැකිය.
·       සීමාවන් දක්නට නොලැබේ.
·       විශ්වීය තොරතුරු  ලබා ගත හැකිය.

අවාසි
·       මානසික වශයෙන් නන්නත්තාර කිරීමට හැකිය.
·       ප්‍රචණ්ඩත්වය  හා අසංවර ප්‍රබන්ධමය වැඩසටහන් .
·       ව්‍යාජ තොරතුරු වලින්  රැවටීමට හැකිය.
උ.දා. Fake  account  සෑදීම.
       විවිධ දැන්වීම් පල කිරීම.(රථ වාහන දැන්වීම්)
·        ඉන්ද්‍රිය පිනවිය හැකි ආසාව නිසා ඇබ්බැහි විය හැකිය.



 වීඩියෝ ක්‍රීඩා
1972 දී ප්‍රථම වරට වාණිජමය  වශයෙන් වීඩියෝ ක්‍රීඩාවක් වෙළ පොළට  නිකුත් කරයි.එය ෆොන්ග්නම් ක්‍රීඩාවයි.මෙය ක්‍රීඩකයන් දෙදෙනෙක් එකවර  කරනු ලබන ක්‍රීඩාවකි.


ප්‍රචණ්ඩකාරී වීඩියෝ
   උදා: යුද හමුදා සෙබලුන් පුහුණු කිරීම සහා යෝග්‍ය බවට එක්සත් ජනපද  හමුදාව විසින් බලපත්‍ර ලබා දී තිබේ.නමුත් ඒ ආකාරයේ වීඩියෝ ළමයින්ගේ භාවිතය සහා යොදා නොගැනීමට කිසිදු පිළිවෙතක් සමාජය තුළ නැත.

   
 ඔන්ලයින් දේශපාලනය
නවතම සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කරන්නේ ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු අන්තර්ජාලය භාවිතා කරන බවයි.ෆේස්බුක් සමාජ මාධ්‍යය භාවිතය අතිශයින්ම ආධිපත්‍යය දරයි.

 ඊට අමතරව,
·       ට්විටර්(මයික්‍රො බ්ලොග්කරණය)
·       ඉන්ස්ටර්ග්‍රෑම් (ඡායාරූප බෙදා ගැනීම)
·       යූ ටියුබ් (වීඩියෝ හුවමාරුව )
·       Viber සහ whatsApp (තාක්ෂණික පණිවිඩ සේවා)

    
  ෆේස්බුක් දේශපාලනය

පුරවැසියන්  දැනුවත් කිරීමේ සහ පවතින තත්ත්වය යාවත්කාලීන  කිරීමට දිරිගන්වනු  ලැබේ.මේ අතර ඇතැම් පුරවැසියන් විසින් ඡන්ද දායකයින් ධෛර්යමත් කිරීම සහා ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යය භාවිතය කළහ.

   උ.දා. ත්‍රෛභාෂික “I Will Vote” අයිකන ව්‍යාපාරය  නිර්මාණය  කිරීම.












Comments

Post a Comment

Popular posts from this blog

Psychology

Perception