history of new media
නව මාධ්‍යයේ
නැගීම
ජනසන්නිවේදන
මාධ්‍යයේ සම්භවය සිදුවූයේ ඒකීය ජාතික රාජ්‍යයේ නැගීමත් සමගය. මෙකී ඒකීය රාජ්‍ය හා
එහි ආයතන පද්ධතිය සකස් කිරීම පිළිබද වාද විවාදවලට වේදිකාවක් සැපවුයේ පුවත්පත්
මගිනි. ගෝලීය යුගය අනුව ජනමාධ්‍යට දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යාම සදහා නිශ්චිතව
වෙන් වූ කාර්යභාරයක් හිමිවී ඇතයි ජනමාධ්‍ය පිළිබද ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායෙහි සාකච්චා විය.
තාක්ෂණික
වශයෙන් මෙම වෙනස්වීම සනිටුහන් කරන්නේ නව මධ්‍යයේ නැගීම විසිනි. නව මාධ්‍ය යනු
එතෙක් පැවති ජනමාධ්‍යයක් මැද්දට පරිගණක අන්තර්ජාලයේ කඩාවැදීම මගින් සිදු කර තිබෙන
මහා වෙනසයි. එය එක්තරා ආකාරයක ජනමාධ්‍යයන්හි සිදුවූ මහා පිපුරුමකි.ඒ නිසාම
ජනසන්නිවේදන විද්‍යාව මගින් සන්නිවේදනය පැහැදිලි කිරීම සදහා මෙතෙක් ඉදිරිපත් කර
තිබෙන ජනසන්නිවේදන ආකෘති මේ මහා පිපුරුම විසින් කඩා විසිරනු ලැබූ ජනමාධ්‍ය පද්ධතිය
පැහැදිලි කිරීමට තවදුරටත් අපොහොසත්ය.
සාම්ප්‍රදායික
ජනසන්නිවේදන ආකෘති මගින් පැහැදිලි කල නොහැකි වෙනස්කම් රැසක් මේ වන විට මෙකී නව මධ්‍යයේ
පහලවීමත් සමග විද්‍යමාන වී තිබේ. පණිවිඩය හා ග්‍රාහකයා අතර එතෙක් දක්නට තිබු රේඛිය
සම්බන්ධය වෙනුවට වැඩි දෙනෙක් වැඩිදෙනෙක් අතර කෙරෙන සන්නිවේදනයක් කළහැකි ලෙස
තාක්ෂණික හැකියාවක් මතුවී තිබෙන හෙයින් ජාලගත සම්බන්ධතාවකි. එසේම එකම එක පණිවිඩය
එකම වෙලාවේදී ලබාගැනීම යලි සකස් කිරීම සහ නැවත බෙදාහැරීම යන කටයුතු තාක්ෂණික
වශයෙන් සිදුකල හැකිය. එසේම ක්ෂණික ගෝලීය මට්ටමේ සම්බන්ධතා පාදා ගැනීමට මේ නව මාධ්‍ය
ඉඩක් ලබාදෙයි.
මැකෝලි
පෙන්වාදෙන ආකාරයට සම්ප්‍රදායික ජනමාධ්‍යයේ කාර්යභාරය සහමුලින්ම වෙනස්වනු ඇති බවට
අනාවැකි පලකිරීමට තරම් තවමත් කාලය ඉක්මන් වැඩිය. එහෙත්, එමගින් ඇතිකරතිබෙන සමාජ
දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
නව මාධ්‍ය
බිහිවීමත් සමග සියලු දෙනාට තම මතය ඉදිරිපත්කිරීමේ හැකියාව ලැබේ. න්‍යායිකව ගත්කල
නව මාධ්‍ය සන්ධර්භයක් ඇතුලත ඕනෑම කෙනෙකුට පුවත්පත් කතුවයයෙකු විය හැකිය. ඕනෑම
කෙනෙකුට තමන්ගේ ගුවන්විදුලියක් පවත්වාගෙන යාහැකිය. එසේම අදාල සංස්කරණ කරමින් දෘශ්‍යමය
අන්තර්ගතය තමන්ගේ මතවාද සමගම ඉදිරිපත් කල හැක. නුතනත්ව යුගයේදී සෑම පුද්ගලයෙකුටම
ලිපිකරුවෙකු වීමට සිදුවුවා සේම ගෝලීය මාධ්‍ය යුගයේ ඕනෑම පුද්ගලයෙකුට
ජනසන්නිවෙදකයෙකු වීමේ හැකියාවක් න්‍යායිකව තිබේ. එසේම සම්ප්‍රදායික ජනමාධ්‍ය ආරම්භ
කරනවට වඩා අඩු වියදමකින් එය කලහැකිය. වැඩි වේගයකින් තොරතුරු යැවිය හැකිය. සිමාවන්
දක්නට නොලැබේ.
Comments
Post a Comment