Posts

Showing posts from November, 2017

Research

පර්යේෂණ යනු       පර්යේෂණය දැනුයේ ප්රේමාණය වැඩි දියුණු ගැනීමට ක්රනමානුකූලව සිදු කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකි, යමයට මිනිසායේ දැනුම, සංස්කෘතිය සහ සමාජය, සහ නව භාවිතයන් යසොයා ගැනීමට යමම දැනුම යයොදා ගන්නා අයුරු අඩංගු යේ. එය යතොරතුරු පිහිටුවන්න සහ තහවුරු කරන්නට, යපර කාර්යන්හි ප්රේතිඵල යලි යගොඩ නගන්නට, නව යහෝ පවතින ගැටළු නිරාකරණය කිරීමට, සිද්ධාන්ත වලට සහය දැක්වීම යහෝ නව නයායන් යගොඩ නැගීමට යයොදා ගනියි. පර්යේෂණ වයාපෘති ක්යෂේත්රටයේ පසුගිය කාර්යක විකාශනයක් වන්නටද පුලුවන. යමවලේ වල, ක්රිේයාපටිපාටි වල,යහෝ පරීක්ෂණ වල වලංගුතාවය පරීක්ෂා කිරීමට, යපර වයාපෘති වල අංගයන් යහෝ සමස්ත වයාපෘතියම පර්යේෂණය මගින් නැවත පිටපත් කරයි. මූලික පර්යේෂණයක ප්රේධාන අරමුණු වනුයේ (වයවහාරික පර්යේෂණයට ප්රේතිවාදීව) යේඛණගත කිරීම, අනාවරණය කර ගැනීම, අර්ථකථනය යහෝ මිනිස් දැනුම වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ක්රනම, සහ පද්ධති යයොදා ගැනීමයි. පර්යේෂණයට අදාල ප්රේයේශයන්, මනුෂ්යත්වය සහ විදයාව යන යදකම සහ යදක අතර සැලකිය යුතු යලස යදෝලනය වන ඥානවිභාගයන් මත පදනේ යේ. එයසේ ම නව දැනුම ලබා ගැනීමටත් , පවතින්නා වු...

Introduction to Sociology

සමාජ විද්‍යාව අර්ථකථනය කිරීම සමාජය ( Society) යන ඉංග්‍රීසි වචනය ලතින් භාෂාවේ එන “සොසියුස්” යන වචනයෙන් සකස් වී ඇත. එහි අර්ථය වන්නේ, “මිත්‍රත්වය සහ එකතුවීම” යන්නයි. ඒ අනුව සාමුහික සමාජ සම්බන්ධතාවලින් ජීවත්වීම සමාජය යන පදයේ අර්ථයයි. මේ නිසා මැක් අයිවර් නමැති චින්තකයා සදහන් කරන්නේ සමාජය යනු සමාජ සම්බන්ධතාවල ජාලයක් බවයි. ඕගස්ටේ කොම්ටේ ( Auguste Comte) නමැති ප්‍රංශ ජාතික චින්තකයා 1809දි ප්‍රථම වරට Sociology යන පදය හදුන්වා දෙන ලදී. මීට පෙර ඕගස්ටේ කොම්ටේ විසින් මෙම විෂය සමාජ භෞතික විද්‍යාව වශයෙන්ද හදුන්වා ඇත. Sociology යන වචනය සකස් වී ඇත්තේ ලති භාෂාවේ එන Socious යන පදයත්, ග්‍රීක භාෂාවේ එන Logos   යන පදයත් එක් වීමෙනි. Socious යන්නෙන් “මිත්‍රත්වය සහ එකතු වීම” අදහස් වේ. Logos   යන්නෙන් “තර්ක කිරීම සහ අධ්‍යනය” යන්න අදහස් වේ. ඒ අනුව   Sociology යන වචනය සමාජය පිළිබද විද්‍යාව වේ. 19 වන සියවසේ සමාජ චින්තකයෙකු වන Jhou Stuart Mill සමාජ විද්‍යාව විෂය සදහා “චර්යා විද්‍යාව” නමැති පදය යෝජනා කරයි. Herbert Spencer නමැති චින්තකයා සමාජය පිළිබද න්‍යායාත්මක අධ්‍යනවලදී Sociology යන...

sociology

සමාජ විද්‍යාවේ ප්‍රභවය සහ විකාශනය    සමාජ විද්‍යාව ආරම්භ වී තවමත් ගතව ඇත්තේ වසර 170ක් පමණ කෙටි කාලයකි. එසේ නමුත් සමාජ විද්‍යාව විෂයට දීර්ඝ ඉතිහාසයක් පවතී. සමාජ විද්‍යාවට කෙටි ඉතිහාසයක් ඇති ඇති පිළිගැනීම මත එය සියලුම සමාජීය විද්‍යාවන්ගේ ලාබාලම විෂය ලෙස සැලකේ. Sociology යන වචනය ප්‍රථම වරට භාවිත කරනු ලැබුවේ ප්‍රංශ දාර්ශනික ඕගස්ටේ කොම්ටේ නමැති පුද්ගලයාය. එමනිසා ඔහු සමාජ විද්‍යාවේ පියා ලෙස සලකනු ලබයි. සමාජ විද්‍යා විෂය ආරම්භ වීමට බලපාන ලද ඓතිහාසික , සමාජ, දේශපාලනික, ආර්ථික සහ ආගමික සාධකයන් පවතියි. මේ අතරින් ප්රෝතෙස්තන්ත්‍ර ආචාරධර්ම ( Protestant) ඇතුලත් කැල්වින් වාදයට අයත් නව කතෝලික ආගමික ව්‍යාපාරද, ප්‍රංශ විප්ලවයද , කාර්මික විප්ලවයද වැදගත් වේ. ප්රෝතෙස්තන්ත්‍ර ආචාර ධර්ම යනු එතෙක් පැවති සම්ප්‍රදායික කතෝලික ආගමට ප්‍රතිසන්ස්කරනවාදීන් ලෙස ජෝන් කැල්වින් සහ මාටින්   ලුතර් ඉදිරිපත් කරන ලද නව ආගමික ඉගැන්විම්ය. සම්ප්‍රදායික කතෝලික ආගමේ පැවති ආගමික ඉගැන්වීම් මගින් ධනවාදයේ වර්ධනයට බාධාකාරී තත්වයන් ඇති වී තිබිණි. ඒ අනුව ජෙරන් කැල්වින් සහ මාර්ටින් ලුතර් විසින් ඉදිරිපත්කරන ලද...

Usage of Language in New Media

නව මාධ්‍ය සදහා භාෂාව භාවිතය නව මාධ්‍ය සදහා භාෂාව භාවිත කිරීමේදී නව මාධ්‍ය යනු තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතයෙන් සිදුකරන්නක් බව නැතහොත් බිහිකරන්නක් බව වටහාගත යුතුය. ප්‍රධාන වශයෙන්ම පරිගණකය, ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය මේ සදහා භාවිතයට ගැනේ. මෙම නව මාධ්‍ය පෞද්ගලිකවත් පොදුවේත් වර්තමානයේදී සන්නිවේදන කාර්යයන් සදහා බහුලව භාවිතයට ගනු ලබයි. නව මධ්‍යයේ පවතින සීමිත ඉඩකඩ නිසා සහ පිරිවැය හේතුවෙන් එහිදී ලේඛණය ඉතාමත් කෙටි වියයුතුය. එමෙන්ම සරල විය යුතුය. ලේඛණය නිරවුල් හා ඍජු විය යුතුය. නැතහොත් එය පරිශීලනය කරන ග්‍රාහකයා වැරදි පණිවුඩයක් ග්‍රහණය කරගනු ඇත. ඔහු වික්ෂිප්තභාවයට පත්වීමෙන් පණිවුඩය යවන තැනැත්තා සන්නිවේදකයාගේ අරමුණ නිසිලෙස ඉටුනොවනු ඇත. නව මධ්‍යයේදී කෙටි සහ සරල භාෂාවක් යෙදීමට අමතරව එහි භාවිතා වන භාෂාව යෙදීමට අමතරව එහි භාවිත වන භාෂාව පිලිබදවද දැඩි අවදානයක් යොමුකළ යුතුය. බොහෝ අවස්ථාවලදී නව මධ්‍යයේ භාවිත වන්නේ ජාත්‍යන්තර භාෂාවයි. එබැවින් ඉංග්‍රීසි භාෂාව පිළිබදවද යම් අවබෝධයක් නව මාධ්‍ය පරිශීලනය කරනු ලබන සන්නිවේදකයාටත්,ග්‍රහකයාටත් තිබිය යුතුය. නව මාධ්‍ය භාවිතයේදී සංඛේත , සලකුණු සහ සං...

Modern Media

විවිධ මාධ්‍යන්හි භාෂාව භාවිතය මුද්‍රිත මාධ්‍ය සදහා භාෂාව භාවිතය මුද්‍රිත මාධ්‍ය යනුවෙන් හදුන්වන්නේ පුවත්පත්, පොත්පත්, සගරා ආදියයි. ඒවායේ ඇතුලත් වන්නේ අක්ෂර ආශ්‍රයෙන් පනිවුඩයි. ලිඛිත දැයි. පුවත්පත්, සගරා හා පොත්පත්වලට අවේනික වු භාෂා ලක්ෂණ පවතියි. විශේෂයෙන් ව්‍යාකරනනුකුල රීතියක් යොදා ගැනෙයි. මේවායෙයි අපුර්වත්වය වන්නේ පුවත්පතක් හෝ ප්‍රකාශනයක් කාලයක් ගතවීමෙන් පසුව වුවද වරින් වර කියවීමට හැකි බවයි. මුද්‍රිත මධ්‍යයේදී භාෂාව භාවිත කරන්නේ පොදු මහජනතාවට සරලව තේරුම්ගත හැකි ලෙසයි. පුවත්පත් මාධ්‍යයේදී එක් එක් කණ්ඩායම් සදහා භාෂාව භාවිතා කරන අතර ඒ ඒ කණ්ඩායම්වලට උචිත ලෙස භාෂාව යොදාගනියි. උදා:තරුණයා පුවත්පතෙහි භාෂාව නවලිය පුවත්පත සදහා යොදා නොගනියි. ලංකාදීප පුවත්පතෙහි භාෂාව එහි ටබ්ලොයිට් අතිරේකය වන රසදුන සදහා   යොදා යොදා නොගනියි. එමෙන්ම පුවත්පතක පිටු සංඛ්‍යාව සිමා සහිත බැවින් භාෂාව ඉතා සංක්ෂිප්තව කරුණ ඍජු ලෙස ඉදිරිපත් කෙරෙන ආකාරයෙන් භාවිත කළ යුතුය. එහෙත් නවකතාවට එවැනි සීමා නැත. ගුවන්විදුලි මාධ්‍ය සදහා භාෂාව භාවිතය පළමුවෙන්ම වටහාගත යුත්තේ ගුවන්විදුලිය යනු ශ්‍රව්‍ය මාධ්‍යක් බව...