New media
නව මාධ්‍යය ලංකාව තුළ භාවිතය සහ ක්‍රියාකාරිත්වය නව මාධ්‍යය යනු : මෙතෙක් පැවති ජනමාධ්‍යයන් මැද්දට පරිගණක අන්තර්ජාලයේ කඩා වැදීම ම ඟ ින් සිදු කර ගෙන තිබෙන මහා වෙනසයි.එය එක්තරා ආකාරයක ජනමාධ්‍යයන්හි සිදු වූ මහා පිපුරමකි. සාම්ප්‍රදායික ජනසන්නිවේදන ආකෘති ම ඟ ින් පැහැදිලි කළ නොහැකි වෙනස්කම් රැසක් මේ වන විට නව මාධ්‍යයේ පහළ වීමත් සම ඟ ම විද්‍යමාන වී තිබේ.පණිවිඩය හා ග්‍රාහකයා අතර එතෙක් දකින්නට තිබූ රේඛීය සම්බන්ධය වෙනුවට වැඩි දෙනෙක් වැඩි දෙනෙකු අතර කෙරෙන සන්නිවේදනයක් කළ හැකි ලෙස තාක්ෂණික හැකියාවක් මතු වී තිබෙන හෙයින් ජාලගත සම්බන්ධතාවකි. එසේම එකම පණිවිඩය එකම වේලාවේදී ලබා ගැනීම යළි සකස් කිරීම සහ නැවත බෙදා හැරීම යන කටයුතු තාක්ෂණික වශයෙන් සිදු කළ හැකිය. නව මාධ්‍යය කුඩා ප්‍රජාවන් ගොඩනැගීම සිදු කරන්නේ බොහෝ දුරට යතාර්ථ ලෝකයක් මත නොව සයිබර් අවකාශයක් මතය.පරිගණක අන්තර්ජාලය ම ඟ ින් කුඩා ජන සමූහ අතර අලුත් සම්බන්ධතා ඇති කර ගනිමින් ප්‍රජාවන් ගොඩනැගීම මේ වන විට අලුත් දෙයක් නොවේ. නව මාධ්‍යය බිහි වීමත් සම ඟ සියලු දෙනාට...