novel
දීන පරිසරයක අදීනත්වය ආරක්ෂා කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශාල ආත්ම ශක්තියක් , චරිත ශක්තියක් තිබිය යුතුය. තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කතා කිරීමට නොහැකි නම් ඔහුට හෝ ඇයට සැබෑ සාහිත්‍යකරුවකු වන්නට හැකියාවක් නැත. සැබැවින්ම සාහිත්‍ය නිර්මාණ යනු බලය , යසස , කීර්තිය සඳහා කරන්නක් නොව බ්‍රහ්මාස්වාදය ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් කරන්නකි. එනම් ලෝක නිර්මාතෘවරයා සමඟ හෙවත් ලෝකය හසුරුවන පරම සත්‍ය ධර්මය සමඟ එක්වීමයි. ඒ දහම වටහා ගැනීමෙන් සහ එය සෙසු ලෝකයාට පැවසීමෙන් ලැබෙන ආස්වාදයට වැඩි යමක් සාහිත්‍යකරුවා නොපැතිය යුතුයි. එවන් සාහිත්‍යයේ තවත් ලක්ෂණයක් වන්නේ මිනිසාට තමා මෙන්ම තමන් වසන සමාජයේත් , යුගයේත් හැඩරුව හා ස්වභාවය මනසින් මෙන්ම හදවතින් දැක ගැනීමට නිර්මාණය කර ගන්නා ලද කැඩපතක් බවට පත් වීම ය. එහිදී නවකතාව අනෙකුත් සාහිත්‍යාංගවලට වඩා ප්‍රධාන ස්ථානයක් උසුලයි. නවකතාව යනු කුමක් ද ? යන පැනයට පිළිතුරු සෙවීමට නම් අප නව කතාවට නිර්වචනයක් දිය යුතු ය. සැබැවින් ම එය සරල ව නිර්වචනය කළ නොහැකි වුවත් , ලෝකයේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ නවකතා දෙස බැලූ විට අපට අවබෝධ වන්නේ මූලික වශයෙන් ම නවකතාවක කොටස් දෙ...