Posts

Showing posts from September, 2018

Perception

සංජානනය             සංජානනය යනු ජීවියා විසින් භෞතික ලෝකය සංවේදනය කිරීමයි. අප බාහිර ලෝකය සංවේදනය කිරීම නොයෙන් ආකාරයෙන් කරමු. දැකීම, ඇසීම, ආඝ්‍රහණය ආදී වශයෙනි. මෙහිදී මනෝවිද්‍යාවේ අරමුණ වන්නේ බාහිර ලෝකය සංජානනය කරන ආකාරය පිලිබදව සලකා බැලීමයි. චර්යවදින්ගේ නිර්වචනය් අනුව සංජානනය යනු උත්තෙජකයන් අතර පවතින වෙනස හදුනා ගැනීමයි. ඒ අනුව එක එක උත්තෙජකයන් හමුවේ ජීවියා එක එක ප්‍රතිකාර දක්වයි. මෙකී ප්‍රතිකාරවල වෙනස්කම අනුව උත්තේජකයන්ගේ වෙනස    හදුනා ගනියි. සංජානනය පිලිබදව අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවට ඇති ප්‍රතිඵලය කුමක්ද යනුවෙන් ඇසිය හැකිය. සංජානනය අපගේ චර්යාව කෙරෙහි මූලික වශයෙන් බලපාන සාධකයකි. ජීවියා හැසිරෙන්නේ බාහිර ලෝකයෙන් සංවේදනය වන උත්තේජකයන්ට අනුවයි. එම නිසා සංජානනය හැදෑරීම වැදගත් වේ.             සංජානනයේදී අපි විසින් සැලකිල්ලට ගත යුතු එක් වැදගත් සාධකයක් නම් අවධානයයි. උත්තේජකයන්ගේ වෙනස හදුනා ගැනීමේදී ජීවියාගේ අවධානය බලපායි. යම් උත්තේජනයක් අවධානයෙන් තොරව පවතී නම් එය සංජා...